බස් රථයක් හා කාර්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකුට බරපතලයි..
August 24, 2018 at 2:09 am | lanka C news
කිලිනොච්චිය,පරන්තන් ප්රදේශයේදී කාර් රථයක් හා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් (23) එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ අනතුරින් යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවටයි.
අනතුරින් කාර් රථයට දැඩි හානි සිදුව ඇති අතර, බස් රථයේ හෝ කාර් රථයේ වේගය පාලන කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.