බස් රථයකින් ගෙන ගිය පොස්ටර් තොගයක්, අත් පලදනා තොගයක්, පත්‍රිකා තොගයක් නානුඔය අත්අඩංගුවට ගනී…

August 5, 2020 at 3:22 am | lanka C news
බස් රථයකින් ගෙන ගිය පොස්ටර් තොගයක්, අත් පලදනා තොගයක්, පත්‍රිකා තොගයක් නානුඔය අත්අඩංගුවට ගනී…

මහ මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක රොෂාන් ගුණවර්ධන මහතාට අයත් පොස්ටර් , මනාප අංකය සදහන් අත් පලදනා සහ මනාප අංකය සදහන් මුද්‍රනය කරන ලද අත් පත්‍රිකා තොගයක් නානුඔය පොලිසිය මගින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑලිය සිට මිපිලිමාන දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත් පලදනා සහ අත් පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබු බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පොස්ටර් දහසක් , මනාප අංක සහිත අත් පලදනා හයසියක් , මනාප අංක සහිත අත් පත්‍රිකා අටසියක් , බස් රථය සහ බස් රථයේ අයිතිකරුව පොලිස් භාරයට ගෙන ඇති බවත් නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

47 views

3 Comments to “බස් රථයකින් ගෙන ගිය පොස්ටර් තොගයක්, අත් පලදනා තොගයක්, පත්‍රිකා තොගයක් නානුඔය අත්අඩංගුවට ගනී…”

  1. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    දැන් ඉතින් මොනවා කරන්නද? වෙච්ච අපකීර්තිය මකාගන්න කාට හරි හොරා හොරා කියල බැන්න නම් හරි.

  2. Amuthu Ate says:

    Aafter the election, police officers who detected these will be transferred out!

  3. kkuruwita says:

    නීති බිඳින්නෝ පාර්ලිමේන්තුවට නුසුදුස්සෝ බව අපි තීරණය කරමු.