බස් රථයක ගැටි මගියෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට…

August 17, 2020 at 4:40 pm | lanka C news
බස් රථයක ගැටි මගියෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට…

ලංගම බස් රථයක ගැටි මගියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු පැවසිය.

(17) දින පස්වරු 2 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය බස්නැවතුම්පොල තුලදිය.

නුවරඑලිය ලංගම ඩිපෝවේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා බස් රථය සිය ගමන් වාරය ආරම්භ කිරිම සදහා නුවරඑලිය බස් නැවතුම්පොල වෙත ඇතුල් කල අවස්තාවේ බස් නැවතුම්පොල හරහා මාර්ගය මාරු විමට ගිය මගියෙකු ලංගම බස් රථයේ ගැටි බස් රථයේ ඉදිරිපස රෝදය මගියාගේ හිස මත ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

අනතුර සිදු වන අවස්තාවේම බස් රථයේ ගැටුණු මගියා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බවත් , ඔහුගේ අන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරට පත් බස් රථය සහ රියදුරු නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,813 views
Main News