‘බස් රථයක 25යි’ නීතිය ඉවතට..

May 3, 2020 at 12:00 pm | lanka C news

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණින් බස් රථයක මගීන් 25 ක් දක්වා පමණක් රැගෙන යාම සඳහා පනවන ලද නීති ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව බස් රථ සහ දුම්රිය වල ආසන ගණන පමණක් මගින් ගෙන යාමට අවසර දීමට තීරණය කර තිබේ.

පැවති ක්‍රමය අනුව මගී ප‍්‍රවාහනයේ යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවා පාඩු ලැබීමේ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

නව ක්‍රමය ද උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ අතර බස්රථ සංගම් විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගෙන මගී ප්‍රවාහනයේ යෙදීමට නම් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 සහනයක් ලබා දෙන ලෙසයි.

112 views

22 Comments to “‘බස් රථයක 25යි’ නීතිය ඉවතට..”

  1. කිරිමෙල් says:

    අපේ මිනිස්සු තමන්ගෙ යහපත ගැන හිතනවා නමි සමාජ දුරස්ථභාවය රැකීම සඳහා නීති අවශ්‍යද?

  2. Nadeeka says:

    8 ෆේල් රනර්ල උඩට ගත්තෙ දේසපලුවොම තමයි දන් ජනතාව දුක් ව්දිනව.

  3. සයිමා says:

    කොරෝනා කියල මම හිතන්නෙ කමක් නෑ ශීට් ගානට ගෙනියන්න මම පොරොන්දු වෙනව බස් වල ශීට් වල වාඩි වෙලා ඉන්න අයට බෝ වෙන්නෙ නෑමයි කියල.. 🤭🤭🤭

  4. sdd says:

    ලංකාවේ අප්‍රසන්නම නැත පෞද්ගලික මගී ප්‍රවාහනය. , කිසිම චාරයක් නැති රැකියා පොලක් නොවිය යුතුයි ???

  5. අපි says:

    අයියෝ නන්දසෙන ඇති අප්පා ඔයාගේ මෝඩ ආතල්..එහෙ බලල මෙහෙ බලන කොට තිරන වෙනස් කරනවා ඔයාට පබයා කිවොත් එක පබයට කරන ලොකු අපහාසයක්..නෝන්ජලයා වගේ එකක් කිවොත් කොහොමද?

Main News