බස් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරලෙයි…

October 22, 2018 at 8:02 am | lanka C news
බස් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරලෙයි…

වව්නියාව සහ කොළඹ ධාවනය වන පෞද්ගලික බස් රථයක් වව්නියාව හොරොව්පතාන මාර්ගයේදී ඊයේ (21) සවස පෙරලී යාමෙන් තිදෙනෙකු සුලු තුවාල ලැබූ බවට මඩුකන්ද පොලීසිය කියා සිටියේය.

අදාල පෞද්ගලික බස් රථයේ තිබූ කාර්මික දෝෂයක් පරික්ෂා කිරීමෙන් පසුව මගී ධාවනයට පෙර එය පරික්ෂා කිරීම සඳහා වව්නියාව නගරයේ සිට හොරොව්පතාන මාර්ගයේ පරකිෂා කිරීමට බස් රථය ධාවනය කොට ඇත.

එහිදී බස් රථයේ කාර්මික දෝෂය තවත් පැවතීම හේතුවෙන් බස් රථයේ තිරංග ක්‍රියාත්මක නොවීමත් වේගය පාලනය නොවීඹත් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇත්තේ දුරකතන සංඥා කනුවක්ද කඩාගෙන බවට පොලිසියට අනාවරනය වී ඇත.

බස් රථය පෙරලීමෙන් බස් රථයටද දැඩිහානි සිදුව ඇති අතරම බස් රථය පරික්ෂාවට පැමිණි රියදුරු ඇතුලු තිදෙනෙකුට සුලු තුවාල සිදුව ඇති බවට පරික්ෂණසිදු කල මඩුකන්ද පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views
Main News