බස් රථ අනතුරක්.. 24ක් රෝහලේ..
November 9, 2017 at 12:40 pm | lanka C news
මුලතිව් පුදුකුඩිඉරිප්පු වට්ටාපලෙයි ප්රදේශයේදී අද (09) උදෑසන පෞද්ගලික් බස් රථයක් ගසක වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහල්ගත කළ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියේය.
අද උදෑසන පුදුකුඩිඉරිපිපු ප්රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් බස් රථයකින් එහි සේවය කරන ඇඟලුම් සේවිකාවන් 24 දෙනෙකු රැගෙන වට්ටාපලෙයි මාර්ගයේ සිට ඇඟලුම් කර්මාන්ත ශාලාවට එමින් සිටියදී වට්ටාපලෙයි 13 වන කනුව අසලදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථයේ රියදුරු අධික වේගයෙන් බස් රථය ධාවනය කොට ඇති අතර වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනක පිහිටි ගසක වැදී ඇත අනතුරින් පසුව තුවාල ලැබූ හා සිහිමුර්ජා වූ ඇඟලුම් සේවිකාවන් 24 දෙනාම මුලතිව් මහරෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් සිව් දෙනෙකු පමණ තුවාලලබා ඇති අතර අනෙක් සේවිකාවන් සුලු තුවාල හා කම්පනයන් සහිතව රෝහලේ සිටින බවට මුලතිව් රෝහල් ප්රකාශකයෙකු කියා සිටියේය.
අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ