බස් රථ 40ක් ගිනිබත්…

May 12, 2022 at 12:40 pm | lanka C news
බස් රථ 40ක් ගිනිබත්…

ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව ඇති වූ විරෝධතාවයට පහර දීම සමග ඇතිවූ කලබලකාරී සිදුවීම් හේතුවෙන පොදු ප්‍රවාහන මගී බස් රථ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බව බස් වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටිති.

මෙම බස් රථ වලින් තිහකට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික බස්රථ යැයිද විනාශ වූ බස්රථ වැඩිම ප්‍රමාණයක් කොළඹ පෙරහැර මාවත බේරෙවැ ප්‍රදේශයේ සහ පිත්තල හංදිය ප්‍රදේශයේ ගිනි තබා ඇති බවත් එම ප්‍රමාණය දහයක් පමණ වන බවත් වෘත්තිය සංගම් කියා සිටී.

ගිනි තබන ලද බොහෝ බස්රථ නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස විනාශ වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.

මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කළේය.

39,176 views

15 Comments to “බස් රථ 40ක් ගිනිබත්…”

  1. Alapaluwa says:

    මෙයට සම්පුර්ණ වගකීම ගතයුත්තේ මයිනා සහා ජෝනා,ඔක්සිජන් නාමල් යෝෂිත යන අය බව අද කවුරුත් දන්නා රහාසකි.එමනිසා කරුණාකර ඔය සෝබන කථා දොඩවන්න එපා.නිකරුනේ නිර්පාක්ෂික අහිංසක යට ගසා මරා ලේ දැක නියම සමුගැනීමක් කල තමන්ගේම පර්ශකයින්ට මයිනාට අපගේද පුර්ණ ඉස්තුතිය පුද කරණවා මේ සමගම.Alapaluwa from**

  2. FT says:

    හිස්තැන් පිරවීම’
    පොදු මගී බස්රථ > ගිණිතැබිිම > ………….. (උපකාරක පද 88/89)

  3. binura says:

    රටට ආදරේ ජනතා විමුක්ති පෙරමුන අඩමිිබරයි සහෝදරවරැ

  4. Rifan says:

    ginibath kala bus walata aluth bus denawalu.

  5. DL says:

    `මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කළේය.´

    දැන්වත් මොලේ පෑදුන එක හොඳයි.

  6. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    මෙව්වට වන්දි පොහොට්ටු ලේඛම් ගෙන් ඉල්ලා ගන්න

  7. ඇල්වතූර says:

    පඩත්තළ කම් කියව කියව දැගලුවනෙ . හොඳ වැඩේ තොපිට.

  8. Kamal says:

    Why they behave as wimps? Complain to police, help to identify the aragala goons and arrest. Don’t let this go away. I saw some goons who attacked police were arrested. We have to establish the law and order if want to have a strong political stability, then we will get economical stability. That’s how a country is developed. Don’t let mobs to take law to their hands. They have no right to hurt anyone. I am wondering why human right commission does not say anything against these kind of violence. Why? Because you are in the same side too?

  9. Gorilla says:

    මේ ඇතිවුන භීශණයට නීතිඥසංගමය තනිකරම වගකියයුතුයි ගෝටාභයගේ ගේගාව බස් ගිණිතියපු එවුන්ව මුං පිලිගත්තේ අපුඩිගහල.බව්සර් ගිණිතියපු උන්ට වෙඩි තිව්ව කියල පොලිස්සියේ මහත්වරු හිරේදැම්මා. පොලිස්සිය හමුදාව ආරක්ෂාව සපයන්න බය උනා. ඇයි ඒ මිනිස්සු හිරේ යන්නද? මුංට තේරෙන භාශාවෙන් උත්තර දෙන්න නම් රණසිංහ ප්‍රේමදාස වගේ ජනාදිපතිකෙනෙක් ඉන්න ඔනේ.

    • Alapaluwa says:

      එක වෙන්න ඇති උගේ කෑලි අර අමර්විදියේ සවලෙන් එකතු කලේ මල්ලි ඒවා ඒ කාලේ දැන් මේ නව කළියුග කාලේ මයිනන්ට වැඩ කෝටි ප්‍රකෝටි වාරයක් මොලේ තිබෙන තරුණ තරුණියන් සිටින බව දැනගන්න.Alapaluwa from**

  10. කැපුවත් පොහොට්ටුවට says:

    මින් ඉදිරියට කිසිදු පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් දේශපාලන කටයුත්තකට ලබානොදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කළේය.

    දැස් සැපද තොපිට අපෙ අපුච්චා ට කඩේ ගියාට