බස් රියකට ගිනි… මුළුමනින්ම විනාශයි..

November 22, 2018 at 12:40 pm | lanka C news
බස් රියකට ගිනි… මුළුමනින්ම විනාශයි..

මුලතිව්,  පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේදී ඊයේ (21) දින පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

අදාළ පෞද්ගලික බස් රථය බස් හිමියාගේ නිවස ඉදිරිපස නවතා තිබියදී රාත්‍රී කාලයේදී එකවරම ගිනි ගෙන ඇති අතර බස් රථය ගිනි ගන්නා අවස්ථාවේදී නිවැසියන් නින්දෙන් පුසව ඇති අතර ගින්න දැක ප්‍රදේශවාසීන් විසින් පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් බස් රථයේ අභ්‍යන්තරය ආසන ඇතුළු උපකරණ සියල්ලක්ම ගින්නෙන්විනාශ වී ඇත අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බස් රථයේ හිමියන් සැක පල කර සිටියේ බස් රථය යම් කිසි පුද්ගලයෙක් විසින් ගිනි තබන්නට ඇති බවටයි.

නමුත් අදාල ගිනි ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන පුදුකුඩිරිප්පු පොලීසිය කියා සිටියේ බස් රථයේ සිදුවු විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට සැක පල කරන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,950 Viewers
Main News