බස් රියක් යතුරු පැදිය යට කරගෙන යයි.. හතර දෙනෙක් මරුට..

May 12, 2017 at 8:08 am | lanka C news
බස් රියක් යතුරු පැදිය යට කරගෙන යයි.. හතර දෙනෙක් මරුට..

අද අලුයම් කාලයේදී පොළොන්නරුව කොළඹ මාර්ගයේ බැඳිවැවදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් සිවු දෙනෙකු මරණයට පත්ව තිබේ.

අනතුර සිදුව ඇත්තේ කල්මුණේ දක්වා ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙනි.

පොලීසිය පැවසුවේ කොළඹ සිට කල්මුනේ දක්වා ගමන් ගත් සුඛෝපභෝගී බස් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් සිවු දෙනෙකි.

8 views
Main News