බස් රියදුරන් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලයි…
January 29, 2017 at 12:40 pm | lanka C news
මෙරට පුද්ගලික බස් රියදුරු හිගයට පිලියමක් ලෙස ඉන්දියාවෙන් රියදුරන් ගෙන්විය යුතු යයි සමස්ථ ලංකා පුද්ලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මේ වන විටත් පුද්ගලික බස් රථ රැසක් රියදුරන් නොමැති වීම හේතුවෙන් නිවෙස්වල ගාල් කර ඇති බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන යෝජනාව රජය වෙත ලබා දෙන බවද ඔහු කියා සිටියේය.