බස් රියදුරන් මහ පාරේ පිහියෙන් ඇනගනිති.. බරපතල වී රෝහලේ..

May 1, 2017 at 8:02 am | lanka C news
බස් රියදුරන් මහ පාරේ පිහියෙන් ඇනගනිති.. බරපතල වී රෝහලේ..

දඹුල්ල පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ දෙකක් අයිති කරුවන් දෙදනෙක් අවට ප්‍රදේශයේ පාසල් දරුවන් තම බස් රථයට ලබා ගැනිමේ තරගය දුර දිගගොස් එක් බස් රථයක අයිති කරැවෙකු අනේක් බස් රථයේ අයිති කරුට පිහියෙන් අණ බරපතල තුවාල සිදු කල පුවතක් දඹුල්ල පොලිස් බල පුදෙශයෙන් වාර්තා වේ .

පසුගිය සිතුරාදා 28 පාසල් දරුවන් නිවෙස් වලට ඇරලවා ආපසු පැමිනේමින් සිටි බස්රථයක් තවත් බස් රථයක් හරස් කොට දමුල්ල දමුළුඔය මොරගොල්ලෑව වත්තේදි පිහින් අණ ස්ථාන කිපයකට තුවාල සිදු කර ඇත . මේ අවස්ථාවේ තවත් පුද්ගලයක් බස්රථයේ සිට ඇති අතර ඔහු බස් රථය තුල සිටියදි පිහියක් ගෙන පැමිණි අනේක් බස් රථයේ හිමිකාරයා ඔහුගේ බිරිදත් සමග එකතුව පිහියෙන් ඇණ බසයෙන් එළියටද ගෙන පිහියෙන් ඇණ ඇති බව ද මෙම සිද්ධිය දැක්ක මාර්ගයේ ගමන් කල පුද්ගලයක් මෙම රණ්ඩුව බේරා තුවාල කරු රොහල් ගතකර ඇති බව දඹුල්ල පොලසිය පවසයි .

සිද්ධිය පිලිබදව අදාල සැකකරු ද දඹුල්ල රොහලේ ප්‍රථිකාර පිණිස ඇතුල් ව සිටියදි පොලසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලද පුද්ගලයාට ක්ෂණික සැත්කම් කිපයක් කිරිමෙන් අණතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව රොහල් ආරංචි මාර්ග බවසයි
මෙම බස් රථ දෙක්ම දඹුල්ල පාසල් ළමුන් ප්‍රවාහනය පිණිස මෑත එක්වි ඇති අතර දෙදනාම එකම ගම්ි ප්‍රදේශයේ නිසා නිතරම පාසල් දරුවන් වෙනු වෙන් අඩදඹර ඇති කර ගැනිම නිසා පොලසියට ගොස් සාමදානව සිට ඇති බවද මෙම සිද්ධිය රංගිරි දමුල්ල එක්සත් පාසල් ප්‍රවාහන සංගමය පිලිකුලෙන් යුතුව හෙලා දකින බවද නිතිමය ක්‍රියා මාර්ග වලින් පසුසංගමක් ලෙසින් මෙම දෙදනාගේ සමාජිකත්වය පිලිබදව තිරිණයක් ගන්නා බව එම සංගමයේ සභාපති සරත් කුමාරසිංහ මහතා අප හා පැවසිය.

මෙම රණ්ඩුව නිසා වෙන් බරපතල තුවාල ලබා ඇත්තේ දඹුල්ල මොරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි බස්රථ හිමිකරුවෙක් මෙන්ම රියදුරේක්වන ඩි එස් උදයකුමාර (42) නැමැති පුද්ගලයකි. ඔහුට පිහින් ඇණ ඇත්තේ එම ගමේම පදිංචි විශ්‍රාම හමුදා සෙබලෙක්වන ලක්ෂ්මන් කරුණාරත්න නැමැත්තෙකි .

මෙම සිද්ධිය පිලිබදව දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහාතගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ අපරාධ අංශය මගින් පරික්ෂණ සිදු කරයි.

– මහින්ද දඹුල්ල

10 views
Main News