බස් රියදුරැගේ හදිසියෙන් ජීවිත 50 ක් අවදානමේ.. දුම්රිය රියදුරුගේ දක්ෂතාව නිසා පණ බේරේ..
January 7, 2019 at 12:40 pm | lanka C news
වවුනියාව මන්නාරම ප්රධාන මාර්ගයේ වවුනියාව දකුණ ප්රාදේශීය ලේකම් කාර්යාල අසළ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට උත්සහ කිරීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් දුම්රිය රියදුරුගේ දක්ෂතාවයෙන් බේරුනු බවට ප්රදේශවාසීන් පැවසූහ.
අධික වේගයකින් පැමිණ ඇති ලංගම බස් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගෙට්ටු හරස් ආවාරණයද කඩාගෙන ධාවනය කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ සිට ඇති අතර, එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ග මුරකරු විසින් කෑගැසීමෙන් පසුව දුම්රිය රියදුරුද දුර සිටම බස් රථය දැකීමත් නිසා දුම්රියපොළ ආසන්නයේ අනතුර සිදුවීමත් හේතුවෙන් දුම්රියේ තිරිංග ක්රියාත්මක කොට වේගය අඩු කිරීමට හැකිවීමෙන් බස් රථය පසුපසට ගැනීමට හැකිවූ බවට බස් රථයේ මගීහු කියා සිටියහ.
කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශීඝ්රගාමි දුම්රිය ගමන් කරන අවස්ථාවේ මන්නාරම සිට වවුනියාව බලා ධාවනය වු ලංගම බස් රථයක් එලෙස දුම්රිය හරස් මාර්ගය හරහා දැමීමට ගොස් තිබිණ.
බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා දැමීම හේතුවෙන් දුම්රිය ගේට්ටුව කැඩී ඇති අතර, අදාල බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය පැදවීම හේතුවෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පරික්ෂණ සිදු කල වව්නියාව පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ