බස් වලට ගල් ගසයි….

August 29, 2017 at 2:06 am | lanka C news
බස් වලට ගල් ගසයි….

ගාල්ල ,මඩකලපුව පාසිකුඩා දක්වා පසුගිය 24 වනදා සිට ආරම්භ කළ රාත්‍රී මගී බස් රථවලට හම්බන්තොට , තණමල්විල සහ බුත්තල ප්‍රදේශ ප්‍රදේශ වලදී ගල් පහරවල් එල්ල කිරීම නිසා මගී ජීවිත අනතුරට පත්වී ඇතැයි එහි ගමන්ගන්නා මගීහු පවසති.

ගාල්ල මාතර හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට අග්නිදිග විශ්ව විද්‍යාලය ,යුද,නාවික,ගුවන් හමුදා සාමාජිකයන් මෙන්ම විවිධ රැකියා වල නියුතු බොහෝ පිරිසකට ගමන් පහසුව සදහා මහජන ඉල්ලීම් හමුවේ ගාල්ල සහ මඩකලපුව ඩිපෝ මගින් ආරම්භ කළ මෙම බස් සේවාව මගින් බොහෝ ජනතාවකට සෙත සැලසිනි.

ඉකුත් 25 සහ 26 දෙදින ගාල්ල ඩිපෝවේ බස්රථයට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී ගුවන් පාලමක සිට ගලක් පෙරලීමෙන් මගී ජීවිත බේරී ඇත්තේ රියදුරාගේ දක්‍ෂ කමින් බව ගාල්ල ඩිපෝ කළමනාකාර මහතා පැවසීය. එම සිද්දියෙන් බස් රථයේ ඉදිරිපස සහ පැති වීදුරුවලට දැඩි හානි සිදුවී තිබිණි. තණමල්විල කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේදී එල්ලවූ ගල් ප්‍රහාරය රාත්‍රී 1.00 පමණ එල්ලවී ඇති අතර එම සිද්ධියේදීද මගී ජනතාව බේරී ඇත. නමුත් බස් රථයට එහි වීදුරු වලට අලාබහානි සිදුවී තිබු බව ගාල්ල ඩිපෝ බලධාරීන් පවසයි.

මේ අතර මඩකලපුව ඩිපෝවේ බලධාරීන් පවසන්නේ මඩකලපුවේ සිට ගාල්ල දක්වා ආරම්භ කළ තමන්ගේ බස් රථවලටද ඉකුත් 26 වනදින බුත්තල පොලිස් වසමේ දී රාත්‍රී 11.45 ට පමණ එල්ල වූ ගල් ප්‍රහාරයෙන් හානි සිදුවූ බවයි.

ඔවුන් පවසන්නේ මෙවැනි පාඩු සහ අවදානම් වල වගකීම තමනට තනිව ගැනීමට නොහැකිබවත් මෙම සේවාවලින් මේවනවිට ලැබෙන මුදලට වඩා වැඩි අලාභයක් ඩිපෝවලට සිදුව ඇති බවයි.

අදාළ පොලිසි මගින් නිසි ආරක්ෂාවක් ලබා නොදීමත් කරන ලද පැමිණිලි පිලිබදව පොලිසිය ක්‍රියාකළ ආකාරය පිලිබදව සෑහීමකට පත්වීම ට තමනට නොහැකි බව ඩිපෝ දෙකේම කළමනාකාරවරු පවසයි.

පුද්ගලික බස්රථ මගින් එල්ලවන මෙම තර්ජන පිලිබදව පොලිසිය ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීම පිලිබදව මෙම බස් රථවල නිතර ගමන්ගන්නා මගීහු චෝදනා කරන අතර එම බස් රථවල ගමන්ගන්නා ආරක්ෂක අංශ නිලධාරීහුද මේ ම සිද්දීන් නිසා අසරණ වී සිටිති.
කෙසේ නමුත් ගාල්ල මඩකලපුව පාසිකුඩා දක්වා ගමන්ගන්නා බස් රථවලට පහරදීම පිලිබදව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා වෙත (28) දින උදෑසන පැමිණිලිකිරීමට ගාල්ල ඩිපෝවේ බලධාරීහු කටයුතු කලබව පැවසීය.

– සුනෙත් ගාල්ලගේ

154 views

One Comment to “බස් වලට ගල් ගසයි….”

  1. නුවන් says:

    වැරදි පුවත් පල කරන්න එපා. වැරදි අදහස් සමාජ ගත කරන්න එපා. නිතියට පිටින් ලංගමය වැඩ කිරිම වැරදියි. වැරැද්ද නිවැරදි කර ගත්තාම කවුරැවත් ගහන එකක් නෑ

Main News