බස් වැඩ වර්නයක්.. මං තිරු ක‍්‍රමයට විරෝධය…

September 18, 2020 at 12:40 pm | lanka C news
බස් වැඩ වර්නයක්.. මං තිරු ක‍්‍රමයට විරෝධය…

එළැඹෙන විසි එක් වන සදුදා දිනයේ සිට කොළඹ ඒ ආසන්න ප්‍රදේශවල බස් රියදුරන් ධාවනයෙන් ඉවත් වී වැඩ වර්ජනයක යෙදෙන බව දැනුම් දී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

දැනට ක්‍රියාත්මක බස් ප්‍රමුඛතා මන්තීරුවට යතුරු පැදි හා ත්‍රීරෝද රථ එක් කිරීමට විරුද්දව මෙම වර්ජනය සිදු කරන බව ඔහු පැවසීය.

බස් මං තීරුවට ත්‍රී රෝද රථ හා යතුරු පැදි කිරීම හේතුවෙන් ඇතැම් ස්ථානවල එම මං තීරුවේ වාහන කිලෝමීටර භාගයක් ගමන් කිරීමට පැයක කාලයක් ගත වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ නිසා ඇතැම් මගින් බස්වලින් ලෙස පයින් ගමන් කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ඔහු කියා සිටියේය.

29,736 views

16 Comments to “බස් වැඩ වර්නයක්.. මං තිරු ක‍්‍රමයට විරෝධය…”

  1. රජරට බයියා says:

    යකෝ, බස් චේන් එකක පුරුක් වගේ බැදිලා එක දිගටම යන්නේ නෑ. ඒ නිසා මාර්ගය අනෙක් වාහන වලටත් යන්න දෙන්න ඕනෑ. රියදුරන් වැඩවර්ජනය කරනවානම් කරපුදෙන්. ඒ අයට කන්න නෑ ආදායම් නෑ කියලා පස්සෙ අඩන්න එපා.අනෙක් කාරනය තමයි, රටේ නීතිය බස් කාරයන්ටත් අදාල ය Ok.

    • සානිකා says:

      මං තීරු එපා කියල නෙමේ කියන්නෙ.. ඒවට බයික් දාන්න එපා කියලා
      තෙරෙන්නෙ නැද්ද බයියො

      • ජෙප්පා says:

        කාර් ධනපතියන් බස් ධනපතියනට කැමති නෑ.
        බස් ධනපතියන්, ත්‍රීරෝද, බයික් වලට කැමති නෑ.
        ත්‍රීරෝද, බයික් ධනපතියන් පයින් යන උන්ට කැමති නෑ.
        පයින් යන ධනපතියන් ගමේ ඉන්න පොල් කඩන එඋආට කැමති නෑ.

        ධනපතියා යනු සාපේක්ෂ දෙයකි.
        පිටරට වල ධනපතියන්ට සාපේක්ෂව අපේ රටේ ධනපතියන් නොමැත.

  2. දිලිත් says:

    බස් ගැමුණුවට මන් කැමති නෑ. හැබැයි මේ කියන්නෙ ඇත්ත…
    මේක මහ මෝඩ වැඩක්.. පොඩි මිනිහටමයි කෙලින්නෙ ආන්ඩුව

    • 😅😅 says:

      ගැමුණු කියන පුද්ගලික බස් සභාපති දන්නේ නැද්ද පුද්ගලික බස් ඩ්‍රයිවර්ලා තමයි 80% මාර්ග අනතුරු රටේම කරන්නේ කියලා.. ගැමුණුට අලුගෝසු සභාපති තමයි ගැලපෙන නියම නම..!

  3. 69 ලක්ෂේට කතිර ගහපු ගම්පහ හරකා says:

    තියන උද්දච්ච කමට යටිතල පහසුකම් වැඩි දියුණු නොකොර බොරු තියරි ඇප්ලයි කරන්න හදනවා. බුලත් විටක් ගන්න එකේ ඉඳන් හයර් එකක් එනකම් පාර අයිනේ හේත්තු වෙලා ඉන්න ත්‍රිවිල් කාරයොයි, බස් බේ එක තිබ්බත් මැද්දේ නවත්තල ලෝඩ් කරන බස් ඩ්‍රයිවර් ල ඉන්න රටේ මේවා බොරු වැඩ. ඔක්කොටම කලින් පාර අයිනේ පාරකින් නවත්වන්න කටයුතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට පාරකින් නැති කඩවල් වලට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්න. අපේ පැත්තේ එකෙක් බිල්ඩින් එකක් හදලා ඇප්රුවල් ගත්තට පස්සේ ශේප් එකේ බේස්මන්ට් එක වෙන කඩේකට කුලියට දුන්න. දැන් අර උඩ තට්ටු වලට එන කස්ටමර්ස්ල පාර දිගේ වාහන නවත්වනවා. ඔෆිස් ටයිම් එකට පැය කාලක් විතර යනවා කඩේ ඉස්සරහින් යන්න. මේ කාලකන්නි රට හදන්න බැහැ කොන්ද පණ නැති පො. රාජ්‍ය සේවයයි පොලිසියි ..ඊටත් එහා බිස්නස් කරන සල්ලි තියන නුගත් දේශපාලන සක්කිලි සෙට් එකයි ඉන්න කන්.

    • Banda says:

      1000% agree

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      ඕනෑම රටක විනය හැදෙන්නේ පාරෙන්.
      වැරදියට හරි පටන් අරන් වැරදි හදාගෙන යා යුතුයි.
      විශ්ව විද්‍යාල වලින් කරනා වැඩක්, ආණ්ඩුවට බැනල වැඩක් නෑ.

    • mahinda says:

      හැම දාම මේක වෙනවා කියන්නෙ , එක දවසක් පොලිස් රාලහාමි කෙනෙක්ට කියන්නකො. පාක් කරලා ඉන්න හමෝටම දඩ කොලේ ගානෙ දෙයි. දවස් 2න් ම කඩේට එන අය නැති වුනාම මුදලාලිට තේරෙයි.

  4. john the baptice says:

    මොටර් සයිකල් ත්‍රීවීල් බස් එක ලේන් එකකට දාන්න තරම් ස ගෙ මොලේ වර්ධනය වුනේ කොහොමද ගොන් බයියනි?

  5. country man says:

    If you people think the rules and regulations can be twisted because you have a union, god help you. We have a strong man at the HELM. Very soon there will be a time table? Like in Europe, you pass a bus stand at a given time not before or after. If you people are not happy, do your protestations far from the city of Colombo. I can see the disappearance of PRIVATE BUS SERVICES from Srilanka soon.

  6. Amila says:

    Gamunu padayak ariyath bus strike ekak ne

  7. Red sea says:

    බස් කාරයන්ට බැරිනම් බස් ගෙදර තියාගෙන හිටපල්ල. රටේ තියන දුෂ්කරතා දරාගෙන ඉන්න ඕනෑ බව තේරුම් නොගෙන තමන්ගේ වාසියම බලන කාලකන්නි .

    • ලෙහාරා says:

      ඔව් ඔව් ගොන් බයියන්ගෙ මොටර් සයිකල් ත්‍රීවීල් බස් එක ලේන් එකකට දාල බොලාලගෙ සුපිරි වාහන වලට නිදහසේ යන්න පුලුවන්නෙ

  8. කොහොමත් තොපේ බස්වල යනවට වඩා පයින් යන එක ගමන ඉක්මන්.

  9. ඇත්ත ඇති සැටියෙන්ම.... says:

    පිටරට මාර්ග නීතිය තමයි මේ රටට පෙන්නලා දීල තියෙන්නේ..! සංවරයෙන් රිය පදවන හැටි පෙන්වීමකි…! හැබැයි මේක පිලිපැද්දේ නැත්නම් දෙවෙනි අදියර තමයි තදාසන්න නගරවලට මාර්ග ඇතුලුවීම සීමා කරනවා. ඒ වාහන තදබදය තියෙන වෙලාවලට එනම් උදේ 7-10 හවස 5-7 අතර ඒ වෙලාවට අවශ්‍යනම් සුරසැපට තම වාහනයේ යන්න දිනපතා ඇතුලුවීම ගාස්තුවක් ගෙවිය යුතුය. සමහර රටවල ඒ ගාස්තුව දිනකට රු 3500 කි. නොගෙවා ගියොත් අවම දඩය රු 15,000 කි. ඒ ක්‍රමය හඳුන්වාදුන් නිසා වාහන වලින් දුම් පිටවීම ඉබේම පාලනය උනා… පරිසරයටත් ඒක වාසි උනා…
    ගිහිල්ලා බලන්නකො මහනුවර වාහන තදබදය නිසාම ධූම කලාපයක් වෙලා තියෙන හැටි…

Main News