බස්-වෑන් අනතුරක්.. 25ක් රෝහලේ.. 05කට බරපතලයි..
August 23, 2019 at 8:40 am | lanka C news
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පත හා රක්ෂිතය අතරදී අද උදැසන වෑන් රථයක් හා බස් රථයක් මුහුණුට මුහුණු ගැටි බස්රථය පෙරලී යෑමෙන් එහි ගමන්ගත් මගීන් 25 පමණ තුවාල ලබා ඇත.
බස්ථයේ ගමන් ගත් මගීන් 25ක් පමණ දඹුල්ල රොහලට ඇතුලත් කර ඇති අතර එයින් පස් දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇත.
මෙම බස් රථය කොළඹ සිට ත්රිකුණාමලය දක්වා මගින් ප්රවාහණය කරමින් සිටි ලංගම බස් රථයකි.
වෑන් රථය මහරගම ප්රදේශය බලා ගමන් ගත් වැන් රථයකි.
වර්ෂාවත් සමග බස්රථයේ වේගය පාලනය කරගත නොහැකිව අණතුර සිදු වන්න ඇතැයි විස්වාස කරයි.
බස් රථය මාර්ගයේ පෙරලි යෑම නිසා A6 මාර්ගයේ දිගම්පතන හා රක්ෂිතය අසල මාර්ග තද බදයක්ද හටගත්තේය.
අනතුර සම්බන්ධව සිගිරිය පොලිසිය පරික්ෂණ බවත්වන අතර වැසි කාලගුණය හේතුවෙන් මාර්ග ලිස්සන නිසාවෙන් සෙමින් වාහන ධාවනය කරණ ලෙස පොලිසිය ඉල්ලා සීටි.
– මහින්ද උදයසිරි