බහරෙන් සිට ආ සැකකරුවෙකුගේ නිවසේ හමුදා නිලඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට…

May 4, 2019 at 8:02 am | lanka C news
බහරෙන් සිට ආ සැකකරුවෙකුගේ නිවසේ  හමුදා නිලඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට…

වවුනියාව කෝවිල්කුලම ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු ස්නිවේදන උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

බහරෙන් සිට අවස්ථා කිහිපයකදී වව්නියාවට පැමිණ ඇති අදාල සැකකරුගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය හමු වූ බවට වව්නියාව පොලීසිය පැවසීය.

යුද හමුදා සෙබලූන් හා පොලිසිය එක්ව කෝවිල්කුලම ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක කාමරයක් තුළ සඟවා තිබූ මෙම හමුදා නිල ඇඳුම ඇතුළු අනෙකුත් උපකරණ තොගය මෙසේ සොයාගෙන තිබේ.

මෙසේ සොයාගත් භාණ්ඩ අතර ඩිජිටල් ටේප් නැමති ලේසර් කිරණ එල්ලකළ හැකි උපකරණයක්, යුද හමුදා අත්වැසුම් , සහ ආරක්ෂක අංශ භාවිතා කරන සපත්තු යුගලයක් මීටර් 750ක් පමණ දිගැති අධි වෝල්ටීයතාවයෙන් යුත් විදුලි රැහැන් රෝල් 4ක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

අදාල සැකකරු කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර මෙම යුද හමුදා නිල ඇඳුම් ඇතුළු සොයාගත් උපකරණ හා ආරක්ෂක අංශ පළදින සපත්තු සඟවා සිටියේ කුමන අරමුණක් සඳහා ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,970 Viewers

3 Comments to “බහරෙන් සිට ආ සැකකරුවෙකුගේ නිවසේ හමුදා නිලඇඳුම් ඇතුලු සන්නිවේදන උපකරණ රැසක් අත්අඩංගුවට…”

  1. ගරසරප says:

    නැගෙනහිර පලාත ඉතා ඉක්මනින් දරුනු ත්‍රස්තවාදී පාලනයකට යටත් විය හැකිය . එවිට දෙමළ ජනතාව එක්කෝ පලායාම හෝ ආගම මාරු කිරීම සිදුවිය හැකිය. මේ අනතුරින් බේරීමට තරම් හැකියාවක් දෙමළ දේශපාලනයට තිබේද?

  2. අනාවැකිය says:

    1959දි බණඩරනායක ඝාතනයට CIA සංවිධනය කැළණිය පන්සලත් හාමුදුරැවනුත් යොදා ගත්තා..2019දි නැවතත් ඒ ආකාරයේම කුමණ්ත්‍රනයක් රාජ්‍යය නායකයා ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙනවා.මෙවරත් එම බටහිර ඔත්තුසේවාව පන්සලක් යොදා ගැනීමට ඉඩක් ඇති බවට කිරිඇල්ලගේ ක්‍රියා කලාපයෙන් පෙනෙනවා.කිරිඇල්ලට පිදුන ” ජනප්‍රසාදනී” මෙහි පෙර සූදානමක්ද ?මෙවර බුද්ධරක්ඛිත කවුද?

  3. WiFi says:

    සුද්දෝ තොගයක් ඉන්නවා පන්සල් වල සිවුරැ පොරෝගෙන.මේ අය කවුද කියලා දෙයියෝ තමා දන්නේ.මීට අමතරව ඉස්පිරිතාල පාසැල්වලත් අර රිසර්ච් මේ රිසර්ච් කිය කියා සුද්දෝ ඉන්නවා.මෑතදි අපි දැක්කා මත්ද්‍රවය ගෙනියන්න විදේශිකයන් විශේෂයෙනම සුද්දන් යොදාගෙන තිබෙන බව.
    වදින්න යනකොට ජනාධිපතිට වෙනදට වඩා හිතන්න වෙනවා.නැත්නම් ” වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා ” කියන ප්‍රස්ථා පිරැල වෙනුවට “වදින්න ගිය දේවාලේ පිපිරැවා වගේ” කියලා අලුත් එකක් හැදේවි.

Main News