බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…

January 19, 2022 at 10:22 pm | lanka C news
බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…

ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක් බවයි වාර්තා වන්නේ.

ඔහු බඳවාගෙන ඇත්තේ 2021 නොවැම්බර් 01 වනදා Chief Commercial Officer (CCO) ධූරයට වුවද කිසිදු සේවා ඇගයීමකින් තියා, සේවය කිරීමට පුටුවේ හරි හැටි වාඩි වන්නත් ප්‍රථම යලිත් ජනවාරි 01 වනදා සිට ප්‍රධාන විධායක නිලධාරී ධූරයට (Chief Executive Officer – CEO) පත්කොට තිබීම විශේෂත්වයකි. බොහෝ විට එය රිචඩ්ට ශ්‍රීලංකන් හිතවතුන්ගෙන් ලැබුණ නත්තල් තෑග්ග වන්නට ඇත.

නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ රිචඩ් තබා ඇති ඉහළම සේවා වාර්තාව වන්නේ 2011 වසරේ බහරේන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්ව, 2013 මාර්තු මස, ඔහුගේ නායකත්වය යටතේ බහරේන් එයාර් වසා දැමීම හෙවත් වලපල්ලට යැවීමයි. මූලාශ‍්‍ර

විදේශ ජාතිකයින්ට වැටුප් ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. දක්ෂ නිලධාරියකු නම් ඩොලර් තියා යූරෝ, පවුම් ලොරි පිටින් දුන්නද ගැටළුවක් නොමැත. නමුත් වලපල්ලට යමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස ගල්ෆ් කලාපයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ බහරේන් ගුවන්සේවය තම නායකත්වය යටතේ වසා දමන තැනට රැගෙන ගිය රිචඩ් කැඳවාගෙන ඒම මොළයක් තිබෙන පුද්ගලයකු හෝ කරන්නේ නැත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා පනතට අනුව නම් විදේශිකයකු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කිරීම ඉඳුරාම පටහැනිය. පනත් වල වගන්ති කෙසේ වුවත් ජනතා මුදලින් මාසිකව ලක්ෂ 90ක් (වාර්ෂිකව ලක්ෂ 1,080ක්) නිකරුනේ කාබාසිනියා කරමින් මෙවැනි වයස්ගත, අකාර්යක්ෂම පුද්ගලයින් අධික ණය බරක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මුල් පුටුවට පත් කළ පිරිස් ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය.

ශ්‍රීලංකන්ට මෙවැනි මුදල් කාබාසිනියා කරන පත්කිරීම් වල ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. ඉන් මෑතකම නිදසුන වන්නේ මින් පෙර 2019 දී යහපාලන රජය විසින් Chief Commercial Officer (CCO) ධූරයට පත් කළ ජොෂුවා බුස්ටෝස්ය (Joshua Bustos) ය. ඇමරිකානු සෙබලෙකු ලෙස කටයුතු කර තිබූ නම් ඇෆ්ගන් ගුවන්සේවය බංකොලොත් කිරීමට ඩොලර් මිලියන 11 වංචාවට හවුල් වූ පුද්ගලයාය. දැන් ජෝෂුවා ආගිය අතක් නොමැති අතර ඉන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ලැබුණු තුට්ටුවක ලාභයක්ද නැත. ජෝෂුවා බහිරවයා වෙනුවෙන් පූජා කළ ඩොලර් වලට වගකියන්න කෙනෙක්ද නැත. මූලාශ‍්‍ර

මෙවැනි තනතුරු වලට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පත් නොකරන්නේ මන්දැයි අපට නම් ඇත්තේ උභතෝකෝටික ගැටළුවකි. රටේ අත්‍යාවශ්‍ය සේවා පවා ඩොලර් නැති කමින් පීඩා විඳිද්දී තඹයක හෝ වටිනාකමක් නොමැති අකාර්යක්ෂම පුද්ගලයකු වෙනුවෙන් ඩොලර් රට පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

Repoter

127,869 views

19 Comments to “බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…”

  1. dev says:

    miliyana 500k padui hamadama . moka hari dala beraganipu den. kaa gahanne natuwa

    • SKF says:

      ලංකාවේ ඕනේ තරම් ව්‍යාපාරික දැනුම තියෙන අය ඉන්නවා. ධම්මික පෙරේරා වගේ කෙනෙක්ට දුන්න නම් අඩු ගානේ පාඩුව වත් අවම කරයි. මෙච්චර පඩියක් දීලා මූව ගත්ත කියන්නේ මුගේ පඩියෙන් බාගයක් රස්සාව දුන්න එකාට කොමිස් යනවද දන්නේ නැහැ.

  2. 225 ම එපා says:

    බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම නම් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීම කළ යුතුය. එහෙත් යම් පුද්ගලයෙකුට මේ ආයතනය පාඩු ලබන තැනකට ගෙන ඒමට අවශ්‍යතාවයක් ඇත්නම් සැබැවින්ම ඔහුගේ අභිප්‍රාය වන්නේ එවන් හැකියාවක් ඇති පුද්ගලයෙකු එම තනතුරට පත්කර ආයතනය කඩා දැමීමටයි. අවශ්‍යතාවය අනුව එසේ කෙරෙන බව පෙනෙන්නට තිබෙනවා.

    • අඩෝ says:

      පල පල ජෙපි වහලා

    • Alapaluwa says:

      මේක මහා පුදුම සහාගත කථාවක් සිතාගන්නවත් බැහැ.එවැනි අයෙකුට ස්රිලන්කන් ගුවන්සේවයේ රැකියාවක්? මෙතරම් චේතනයක් විදේශීය මුදල්වලින්ගෙවා?? ඇයි එතරම්ම උපරිමයෙන් ලභාලබන ගුවන් සේවයක් නිසාද මේ Srilanken ගුවන්සේවය?? අනෙක ඔය තනතුරට ලංකාවේ එකෙක් සෝයාගන්නවත් බැරිවුනාද ඔය salary එකෙන් පහෙන් එකක්වත් ගේවා? අනේ අම්මපා මොකාද මේ පිටරට හිපාටුවාව ගෙනත් ඔය පුටුවේ ඉඳවපු මෝඩ හරකා?අර කඳ,බඩ .තඩි.මොළේ අබ ඇටයක් තරම් නැති ගම්පහා එකානම් වෙන්න පුළුවන් කමක් නැහැ නමුත් ඌට කියලා කරන්න පුළුවන් ලබ්බකුත් නැතිව ඇති මේ කර්තාවියට.අනිවාර්යෙන්ම අර මැදමුලානේ පොල් කඩවන මෝඩ මොංගල් එකා වෙන්න ඕනේ ෂුවර් එකටම. මොකද ඌයි,මුයි දේදේනාම ලාංකිකයින් නෝවන බැවින් උන්ගේ එවුන්ටත් වුවමනාවක් නැහැ…තවදේයක් බහාරේයින් ගුවන් සමාගම හංසිකරපු එක ගැන මුන් දන්නේ නැතිද?එසේනම් වහාම සොයාබලා පයින් පුකට ගසා පන්නා දැමිය යුතුයි.නැතිනම් දැනටත් වැලේ වැල් නැතිව ඉන්නා staff එකත් කප්පාදු කර දේන දීමනාත් කප්පාදු කර සේවයේ යේදී සිටින අපගේ සහෝදර,සහෝදරියන්ට කාගේ පිහිටක්ද බලාපොරොත්තුවන්න පුළුවන්??ඉස්සරනම් දේවියෝ කියලා කට්ටියක් සිටින්නට ඇති දැන්නම් මුන්ගේ මේ විකාර දැකලා එවුණුත් රටින් පිටවේලා පැනලා ගිහින් බොහෝකල්.නැතිනම් මේ දුෂ්ට සාපරාදී ක්‍රියා කරණ හොර දේශපාලකයින්ට හේබිරිස්සවක් හදවන්නේ නැතුව හැටි.. !! Alapaluwa from SA (Western Cape)

  3. විනාශ කර දමා, විකුනා දැමීමට ප්‍රථම දූෂිත රජපකයා පන්නා දැමීමට කාළයයි,..! says:

    රට හූමිය, මර්මස්ථාන, ධන උල්පත් විනාශ කර දමා, විකුනා දැමීමට ප්‍රථම දූෂිත රජපකයා පන්නා දැමීමට කාළයයි,..!

  4. චන්ඩි කොල්ලා says:

    මේ ඊයේ පෙරේදා නිව්ස් වල තිබුනේ ශ්‍රී ලාංකන් එක දෙසැම්බර් අවසානයේ ලාභ ලබා ඇති බවක් නේද?
    මේ ප්‍රවෘත්තියත් කඩාකප්පල්කාරී ක්‍රියාවක දිගුවක්ද?

  5. මිනෝලි සරත්චන්ද්‍ර says:

    සර්ගේ මිත්‍ර පතිරගේට ගුවන් සේවය බාර දුන්නේ මිනිහා දක්ෂයෙක් කියලා නේද, කෝ වල පල්ලට අරං ගියා, අනිකා අර මනෝහර ද සිල්වා කියන මෝඩයා.

  6. Gamini says:

    ශ්‍රී ලන්කන් ගුවන්සේවය වලපල්ලටම යැවීමේ ප්‍රධාන වගකිවයුත්තා තමා මහින්ද රාජපක්ශ .ඔහුතමා 8 පාස් මස්සිනා සභාපති කරගෙන ශ්‍රී ලන්කන් එක නැත්තටම නැතිකලේ. ඔක්කොම පවුලේ හිතවතුන් දමාගෙන පුද්ගලික බූදලයක් ලෙස බාවිතාකරමින් .හොරා කෑම උපරිමයෙන්ම කලා. තාමත් ඒ බැල්ම තාම තිබෙනවා ඒ නිසා තමා මෙතරම් පාඩු ලබමින් රටට බරක් වෙලා තිබෙන මේ ආයතනය පුද්ගලික කරනය කිරීමට ඉඩනොදෙන්නේ. එසේ කොලහොත් හොර රහසේම හිතුන හිතුන වෙලාවට ගුවන් යානා රැගෙන තම වත්කම් සගවා තිබෙන සීෂෙල්ස් ඩුබායි උගන්ඩා වගේ රටවලට යෑමට නොහැකි වෙනවා .දැන් ජනාධිපති කලයුත්තේ තවත් මේ ආයතනය වෙනුවෙන් මුදල් කාබාසිනා නොකර වහාම මේ ආයතනය වසා දැමීම හෝ විකුණා දැමීම කලයුතුයි. ඕනෑම රටක ගුවන් සේවාවාක් පාඩු ලබද්දී කරනු ලබන්නේ ඒවා විකුනා දැමීම .ඇමෙරිකාවේ ලෝ ප්‍රකට පෑන් ඈම් ගුවන් සේවය පවා මෙලෙස වසා දැමුව නමුත් මේ හිගන රටේ තක්කඩි දේශපාලුවන්ගේ සුඛ විහරණය තකා බිලියන් ගනනින් පාඩු ලබමින් මේ ආයතන පවත්වාගෙන යනවා .

  7. Kalu Albot says:

    50% k Mola Hathaata!! Ekayi Awashyathaawa!!

  8. කැපුවත් පොහොට්ටුවට says:

    මේ බොරු දාල පොහොට්ටුව වට්ටන්න බෑ.

    • Jagath says:

      තවත් වට්ටන්න දෙයක් තියෙනවා ද? චන්දයක් තියලා බලපන් කෝ? 😂😂😂

  9. Hukaparjala says:

    Anuvaryayenma” Bashitl”ge wedak

  10. මම 69 න් එකෙකී. says:

    මෙම සැරේ ජෙ වී පී එකට ජන්දය දෙනවා. උන් එක්කෝ රට විනාසයෙන් විනාසයට ම ගේනයාවී.නැත්නම් හදාගන්න උත්සාහ ගනීවි කියලා හිතන්න විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.අනිත හැම එකාටම අත්හදා බලන්න දුන්නනේ.