බහින්බස්වීම දුරදිග ගිහින් මරණයෙන් කෙරවල වෙයි..

January 15, 2019 at 8:02 am | lanka C news
බහින්බස්වීම දුරදිග ගිහින් මරණයෙන් කෙරවල වෙයි..

යාපනය, පේදුරුතුඩුව කට්පෝවලම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.

තරුණයින් දෙපිරිස අතර කිසියම් ආරවුලක් හේතුවෙන් බහින්බස් වී ඇති අතර පුසව එය ගැටුමක් දක්වා වර්ධනය වී තවත් තරුණයකු විසින් පොරොවකින් පහරදීමෙන් තුවාල ලැබු 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවට පේදුරු තුඩුව පොලීසියට තොරතුරුඅනාවරනය වී ඇත.

ගැටුමෙන් 22 හැවිරිදි වාසුදේවන් අමල්කරන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ගැටුමට සම්බන්ධ පිරිස් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල පිරිස් මේ වන විටත් සැගව සිටින බැවින් එම පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

14 views

2 Comments to “බහින්බස්වීම දුරදිග ගිහින් මරණයෙන් කෙරවල වෙයි..”

  1. Gamarala says:

    May be a part of indian tamil movie.

    • CAT says:

      සුමන්තිරන්ගේ කේරල ගංජා වල ප්‍රතිපලයක්

Main News