බහිරවයෙක් වෙලා හරි පිංකැට පවරා ගන්නවා.. බුදුන් වහන්සේගේ ධර්මය එයයි.. මං ආවේ අයිස්ක්‍රීම් විකුණන්න නොවෙයි..- අකිල විරාජ්
July 4, 2017 at 10:40 am | lanka C news
කවුරුන් කොතරම් චෝදනා කළද මේ රටේ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් බහිරවයෙක් වන්නටද තමන් සූදානම් බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
බුදුන් වහන්සේගේ ධර්මය අනුව තමන් කටයුතු කරන බවත් එම ධර්මයම තමන් රකිනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
කවුරුන් කුමක් කීවද ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් මෙම කටයුත්ත සිදු කරන බවද තමන් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ආවේ අයිස්ක්‍රීම් විකුණන්න නොවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
විහාරස්ථානවල පිංකැට පවරා ගන්නා බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
siyaluma bauddhagamika siddhatsthanawala aluthen pin kata thiyanna “pansalata misa an kisi kenekuta meya ayithi kara gatha nohakiya” kiyala eke lokuwata liyanna.
pinwathun e katayata vitharak salli daanna. me aanduwata kelawanna one anna ehema.
කිව්වත් නොකිව්වත් මුන් බහිරවයොම තමයි……රට ජාතිය ආගම ගිල ගන්න ආපු…
මම අභියෝගයක් කරනව මේ ඇමති වරයාට, පුලුවන්නම් යාපනේ නල්ලූර් කෝවිලේ පිං කැටයටත් සීල් තියන්න.
මම ප්‍රාර්ථනා කරනව, මේ යහපාලන ආණ්ඩුවේ සියලු දෙනා මීලඟ ආත්මයේ බහිරවයන් නොව මල පෙරේතයන්ව ඉපදේවා!
අඩා පොරමොලා……. උබ පාර්ථනා කලත් නැතත් කර්මය පල දෙනවා.
මෙතුමන්ලා බලයේ ඉදගෙන කරන පවු, මෙතුමන්ලට බලය ලබාදුන් අයට නිරායාසයෙන්ම අනුමෝදන් වෙනවා.
Ehemanam palli kovilwala pinketath pawara gath uthui!