බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…
April 25, 2022 at 3:50 pm | lanka C news
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහ නාහිමි හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එම එම ස්ථාවරය දැනුම් දී ඇත.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ.
“ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් පසුගිය අවස්ථා කිහිපයක දී ම ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට ලිඛිතව දැනුම් දුන්නා. අනුශාසනා කළා වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් වශයෙන් කළ යුතු ක්‍රියාදාමයන් පිළිබඳව.
ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමා අතිගරු මහානායක මාහිමිපාණන්වහන්සේ ට ලිඛිතව දැනුම් දී තිබෙනවා එතුමාගේ ප්‍රතිචාරය. ඒ අනුව මහනායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්දුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා.
විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා පිළිබඳවත් සඳහන් කරනවා. ඒ වගේම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත පළ කොට තිබෙනවා.
ඒ සමගම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා, ඒ කටයුතු සිදුවිය යුතු බවත් එතුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදීත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ට දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.”
මෙය මා විසින් ඇති කල අර්බුදයක් නොවේ…. 😜🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේ වෙලාවේ තරුණ අය අන්දන්න යෑම අතිශය භයංකාර යි අපේ
හාමුදුරුවනේ
කෙසේ වෙතත් ජනාධිපතිද ඉවත් විය යුතුය.නැගී එන නායකයා සජිත් ප්‍රේමදාසය..
Gnaanakkaage Bibikkamata Namaskaara Karamu !!
අනතර්වාර පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තුවන දේ
IMF සමඟ ඒකාබද්ධවී ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙලක් ඇති කිරීම
වසරක් තුල නැවත ඩොලරයේ අගය රුපියල් 220 – 230 සීමාව කරා රැගෙන් එන ආර්ථික වැඩපිළිවෙලක් සකස් කිරීම
දැනට මසකට සංචාරකයින් 20,000පමණ රටට එන අතර එය 200,000 දක්වා වැඩි කිරීම
පාන් රුපියල් 100 කට හෝ ඊට අඩු සහ අත්‍යාවශය ආහාර මිල 30% කින් පමණ අඩු කිරීම
අමතර පහසුකම් කිසිවක් නොගෙන ඉහත අමාත්‍ය මණ්ඩලය වසරක් සේවය කිරීම
නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්රතිසංස්කර ඇති කිරීම
දේශපාලන උවමනාවන් මත බොරු බිල්ලෙක් මවා රටට ලබා නොගත් MCC ගිවිසුම නැවත බල ගන්වා එමඟින් ප්‍රවහන් ක්ෂ්ත්රය ප්රතිවුහගත්කර අංග සම්ප්රුන පොදු ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම සහ ඉඩම් පිලිබඳ කරුණු ඩිගිටල් කරනය සිදු කිරීම
පසුගිය සමයේ අත්හැර දමන ලද ජපාන ආධාර යටතේ ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කිරීම
ජාතික විදුලිබල පද්ධතිය ප්රතිවුහගතකර නිවාස සුර්ය විදුලිබල පද්ධති ජාතික පද්ධතියට එක කල හැකි JICA ආධාර ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කිරීම
පුද්ගලයන් වෙනුවට ආයතන බලගන්වන ඉදිරි වසර 20 සඳහා රටට අවශ්‍ය වන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම (ගරු,අතිගරු වැනි නම්බුනාම ඉවත් කිරීම, විවුර්ත කිරීම, මහජන මුදලින් සෑදු පොදු ස්ථානවලට දේශපාලකයින්ගේ නම් තැබීම, වැනි විකාරරුපි ක්‍රියා සහමුලින්ම ඉවත් කිරීම, දේශපාලකයින්, පක්ෂ විගණනයට යටත් කිරීම)
Maha Nayaka Warun Yanu Horu Pirisaki, Sepa Windina.
Mahajanathawa… GE Handa Thama President Kan Diya Yuththe