බහුතරය නැතිව වැටෙන්න ගියොත් ඡන්දය දී ආණ්ඩුව රැකගන්න අරුම පුදුම TNA විපක්‍ෂය සුදානම්…

October 15, 2018 at 11:20 am | lanka C news
බහුතරය නැතිව වැටෙන්න ගියොත් ඡන්දය දී ආණ්ඩුව රැකගන්න අරුම පුදුම TNA විපක්‍ෂය සුදානම්…

වර්තමාන ආණ්ඩුවට බහුතරය අහිමි වීමේ අනරතුරක් පාර්ලිමේන්තුවේ ඇති වුවහොත් විපක්‍ෂයේ සිට ආණ්ඩඅවට සහාය පල කිරීම සදහා දෙමල ජාතික සන්ධානය සමග සාකච්චා ආරම්භ කර ඇත.

යුරෝපා රටවත් තුනක් විසින් දෙමල සන්දානයට උපදෙස් දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා නම් මෙම ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යා යුතු බවයි.

එනිසා බහුතරය අහිමි වුවහොත් ආණ්ඩුව රැුක ගත යුතු යයිද එම රටවල තානාපතිවරුන් අපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේද ගැටුමක් හටගෙන ඇත්තේ ආණ්ඩුවට සහාය පළකලහොත් විග්නේෂ්වරන්ගේ නායකත්වය සහිත විකල්ප දේශපාලන පක්ෂයක් උතුරේ හිස ඔසවනු ඇති බවයි.

කෙසේ නමුත් තානාපති කාර්යාලවලින් එල්ලවන බලපෑම් නිසා දෙමල සන්ධානය ආණ්ඩුව සහයෝගයය දැක්වීමේ ස්ථාවරයකට පත් වනු ඇතැයිද වාර්තා වෙයි.

දෙමල ජාතික සන්ධානය මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නියක ධුරයද දරයි.

95 views