බහුතරය පෙන්නුවොත් නව අගමැති කෙනෙක් පත් කරන්න සූදානම්..- ජනපති
November 26, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නිසියාකාරයෙන් පිළිපදිමින් බහුතරය පෙන්වන්නේ නම් නව අගමැතිවරයෙකු පත් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇත්තේ නම් ඔහුට ආණ්ඩුව කරගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පවසන ජනාධිපතිවරයා බහුතරයක් නැත්තේ නම් ඔහු තීන්දුවක් ගනු ඇතැයිද සඳහන් කර තිබේ.
ඒ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස කිසිම හේතුවකට තමන් විසින්ම පත් නොකරන බව ද ඔහු සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතා නැවත අගමැති නොකරන බවට ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වෙතද සදහන් කරන ලදී.
දොන් ජුවන් නැවත පත්නොකරන හිටංගෙ තීරණයට අපේ ප්‍රසාදය
meka allah deviyange rata … eka mama last week therum gathta . mata kuranaya pahadala dunna kenek ,
mehe hama dema allata thama ayithi , eka thama sinhala hamoma maragenne . ehimda api dan wath moda nowi muslim wemu , ethkota me okkoma awul iwarai . allah hu akbar .. there is no god but allah .. Allah is the great ..
ISSARA RATAWASIYA RAJUTA DUK GANAWILI ADAPALI KIWWA DAN RAJU RATAWASIYATA THAMUNGE DUK GANAWILI KIYANAWA
එතකොට දඩෝරියට මොකද වෙන්නේ ?
Ranilgen purudu welaa thiyenne boru kiyanna.issara Nam ohoma nehe.