බහුතරය පෙන්වා අපි ආණ්ඩුවක් හදනවා.. 2020 තෙක් යනවා..- අගමැති රනිල් කියයි…

January 30, 2018 at 10:00 am | lanka C news
බහුතරය පෙන්වා අපි ආණ්ඩුවක් හදනවා.. 2020 තෙක් යනවා..- අගමැති රනිල් කියයි…

පාර්ලිමේන්තුව තුල බහුකර බලය ලබාගෙන 2020 තෙක් ආණ්ඩුව ගෙන යාමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්‍ෂ නායකයන් තීරණය කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කල එක්සත් ජාතික පෙරමුණේ නායකයන් විසින් මෙම තීරණය ගත් බවත් කී ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේද එක්සත් ජාතික පෙරමුණට බව සදහන් කලේය.

ඒ අනුව බහුතර බලය සහිතව 2020 තෙක් ආණ්ඩුව ගෙන යන බවත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එකට වැඩ කරන බවත් අගමැතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනරැුළියක් අමතමිනි.

21 views

5 Comments to “බහුතරය පෙන්වා අපි ආණ්ඩුවක් හදනවා.. 2020 තෙක් යනවා..- අගමැති රනිල් කියයි…”

  1. Karu says:

    බහුතරේ මොන කජ්ජක්ද?
    113 ක් තියනවා නම් ආංඩුව.
    100 ක් නන් ඒත් ආංඩුව.
    46 ක් නම් ඒත් ආංඩුව.
    මොකද කොහොම ආවත් පත් කරන්නෙ මයිත්‍රීපල උන්නැහැ නෙව.

  2. samuvel says:

    මගේ කාලෙ හොරකම් උනා තමයි, හාල් , පොල්, අල, එලවලු පිටරටින් ගෙනාව තමයි. ඇමතිවරු 100ක් නඩත්තු කලා තමයි, සාක්කු සල්ලි වලින් පුරවන්න බැරි වුනා තමයි, සන්වර්දන වැඩ අඩාල උනා තමයි, මමත් නය අරන් රටේ නය බර වැඩිකලා තමයි, ගිය රජය හදපු දේවල් විකුනුවා තමයි… ඒ මොනව කලත් මට චන්දෙ දෙන ගොන් තඩියෝ ඉන්න කම් මයයි රජා.

  3. kirthi Paskuwell says:

    මේ ජන්දෙන් පළාත් සබා වළ බහුතරය නැති උනොත් අයෙත් පළාත් සබා විසුරවන්න බැහැනේ .එතකොට රට කරන්න බැහැ නේ .

  4. Pina says:

    අනේ සර්, මේ යක්කු එක හොඳක් කියන්නෙ නෑනේ සර් ගැන. උන් දන්නෙ නැතිව ඇති සර් උන්ට කන්න රටින් හාල් පොල් එලවලු ගෙනල්ල දුන්නේ රටේ තිබුන වටිනම දේවලු ත් විකුනලා කියලා. අන්න එහෙම වැඩ කරපු අපේ සර්ගෙ මහ බැන්කු පොඩි කතාවක් අල්ලගෙන මේ එක එකා කියන ඒවට උන්ට කවන්න ඕනා මේ මම කන පුන්නක්කු.

Main News