බහුතරය සම්පූර්ණයි.. තනි ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්..- දයාසිරි

February 16, 2018 at 9:20 am | lanka C news
බහුතරය සම්පූර්ණයි.. තනි ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්..- දයාසිරි

එක්‌සත් ජාතික පක්‍ෂය දැන් මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හැදීමට තම පක්‍ෂය ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නැති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ යහපාලන ආණ්‌ඩුව 2020 වසර තෙක්‌ පවත්වාගෙන යන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සමග ශ්‍රීලනිපය එකඟ වෙනවා දැයි නැගූ පැනයට පිළිතුරු දෙමින් ජයසේකර මහතා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජයසේකර මහතා මෙසේද කීය.

“අපි එයාලට කරුණු කිහිපයක්‌ දැන්වූවා. ඒ කිසි දෙයකට ඔවුන් එකඟ වුණේ නැහැ. විශේෂයෙන් අගමැති ධුරයේ වෙනසක්‌ කරන්න කියලා ඉල්ලා සිටියා. ඒත් ඔවුන් ඒ වෙනස කරන්න කැමැති නැහැ.

ඒ වෙනස්‌කම් කරනවා වෙනුවට තමන් තනි ආණ්‌ඩුවක්‌ හදන බවට එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු තැන තැන බයිලා කියන්න පටන් ගත්තා. අපිට අභියෝග කරන්න ගත්තා. ඒ අභියෝගයට අපි ලෑස්‌තියි.

ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්‌ඩුවක්‌ හදන්න අපි දැනටමත් තීරණය කරලා අවසන්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන අපට ඉන්නවා” යෑයි ද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පැවසීය.

– Divaina

58 views

12 Comments to “බහුතරය සම්පූර්ණයි.. තනි ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්..- දයාසිරි”

  1. Nilantha Adikari says:

    Me denaganilla. Api anduwak hadanawa heta aniddama. Methana eka eka nikan loku katha kiyanna epa. Mama wagakeemen kiyanne e anduwe madha adhyakshaka wenne mama. Uno ekak enne ne yako aye. Balagena hitapiyaw

Main News