බහුතරය සම්පූර්ණයි.. රනිල් ඉවතට.. ජනපති නොතකා නව අමැතිවරයෙක් සමග නව ආණ්ඩුවක්..

July 9, 2022 at 12:02 am | lanka C news
බහුතරය සම්පූර්ණයි.. රනිල් ඉවතට.. ජනපති නොතකා නව අමැතිවරයෙක් සමග නව ආණ්ඩුවක්..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු කටයුතු සූදානම්ව ඇතැයි අපි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය 113 බලය දැනටමත් තම කණ්ඩායම සතුව ඇති බවද පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා නොතකා මෙම ආණ්ඩුව පිහිටුවන බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලයට අන් සියළු බලයන් යටපත් වන බවද හෙතෙම පැවසීය.

මෙසේ පිහිටවන සර්වපාක්ෂික ආණ්ඩුවේ පක්ෂ නායකයන් අමාත්‍යධුර බාර නොගනු ඇති බවත් ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකත්ව මණ්ඩලයක සිටිනු ඇති බවත් පැවසූ ඔහු අමාත්‍යවරුන් විසින් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇති බවද සඳහන් කළේය.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ක්‍රමවේදය ගැන සාකච්ඡා කළ බවද පැවසූ ඔහු සතියක් පමණ ගත වෙද්දී නව ආණ්ඩුවක් පිහිටුවනු හැකි වනු ඇති බවද කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කරන ලදී.

447,537 views

17 Comments to “බහුතරය සම්පූර්ණයි.. රනිල් ඉවතට.. ජනපති නොතකා නව අමැතිවරයෙක් සමග නව ආණ්ඩුවක්..”

  1. රොනි says:

    මේ යකා පිස්සෙක් ,මු කියන කතා කව්ද විස්වාස කරන්නෙ

  2. Left voter says:

    අනේ පලයන් යන්න , වයසේ හැටියට ගෙදරට වෙලා ඉදපන් , යහ පාලන කාලේ නායකත්ව මන්ඩල තිබ්බා JVP කාරයෝත් එකතු කර⁣ගන කරපු බම්බුවක් නැ ,

  3. NuwanJ says:

    ඇතිව තියන ගැටලු විසදීමට සැලසුම් සාර්ථක වෙමින් තියන වෙලාවෙ එදා අගමැති තමත් එපා කියල හැංගුන සෙට් එක
    අද බලය ගන්න පොරයක

  4. Thmbapani G says:

    Apo thope set eka kohomath epa anura nam kak na

  5. Ratawasiya says:

    Vasu is the man who prevented Srilanka going to IMF, he is one man who is responsible for the present situation in the country.

  6. Balana Rala says:

    No.no.no.
    This is not going to work out. All these leaders are purely politically motivated and are eyeing the Presidency or the Prime Minster positions.
    Non of the above politicians have a clear mandate or a proper plan in place….
    Very pathetic situation
    Destruction has just beginning…..

  7. malini says:

    Gammanpila harima sarthakai neda? Hina Hina

Main News