බහුතර කණ්ඩායම ආණ්ඩුවක් හදන්න.. නමුත් රනිල්ට අගමැතිකම බෑමයි..- ජනපති යලිත් තහවුරු කරයි..

November 30, 2018 at 9:20 am | lanka C news
බහුතර කණ්ඩායම ආණ්ඩුවක් හදන්න.. නමුත් රනිල්ට අගමැතිකම බෑමයි..- ජනපති යලිත් තහවුරු කරයි..

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබා දීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

කෙසේ වෙතත් ඒ සදහා පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව එන තෙක් සිටිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් තම මුල් ස්ථාවරය අනුවම කිසිම හේතුවක් මත රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස පත් නොකරන්නේ යයිද ජනාධිපතිවරයා මේ වන විට යලිත් තහවරු කර ඇත.

මේ තත්වය මත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරවීම සදහා කැමැත්ත ප‍්‍රකාශ කරමින් එක්මත් ජාතික පෙරමුණ හා දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් සියළු දෙනා දිවුරුම් ප‍්‍රකාශ ලබා දීමට සූදානමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.

111 views