බහුදින මුහුදු ගමන් ගිය ධීවරයින් යිශාල පිරිසකට ඡන්දය අහිමි වේ..

November 14, 2019 at 2:02 am | lanka C news
බහුදින මුහුදු ගමන් ගිය ධීවරයින් යිශාල පිරිසකට ඡන්දය අහිමි වේ..

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය ධීවරයින් 1500 කට ආසන්න ප්‍රමාණයකට මෙවර ජනාධිපතිවරනයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවසුවේය.

මෙවර ජනාධීපතිවරනයේදී බහුදින යාත්‍රාවල ධීවර පවුල්හි ඡන්ද ප්‍රකාශන කටයුතු පිළිබඳ විමසීමේදී හර්මන් කුමාර මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ,

‘මේ ධීවරයින්ට වෙන රැකියාවක් නැහැනේ තියෙන්නේ ධීවර රැකියාව විතරයි ඉතිං බහුදින යාත්‍රාවලින් මුහුදු ගමන් යන අය නැවත් ගෙවල් වෙතට එන්නේ සතියකට දෙකකට විතර පසුව අනිත් එක මේ අය ඡන්දෙ නිසා නොයා ඉන්නෙත් නැහැ ඡන්දේ නිසා එදාට එන්නත් බැහැ උතුරු නැගෙනහිර ගත්තහම උතුරේ එතරම් බහුදින ධීවර යාත්‍රා නොතිබුනත් නැගෙනහිර ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තියනවා ඉතිං දවසකට මේ ධීවර යාත්‍රා 200 ක් ගියත් එක යාත්‍රාවක ධීවරයින් පස් දෙනෙකු ගත්තත් එතනම දහසක් විතරනේ ඉතිං මේක ඒ ධීවරයින්ට කෙරෙන ලොකු අසාධාරණයක්.

‘ධීවරයින්ගේ ඉල්ලීම් අනුව අපේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට වෙනත් දිනයක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දෙන අයුරින් මේ බහුදින ධීවර යාත්‍රාවල ධීවරයිනුත් යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ටත් ඡන්දය ප්‍රකාශ කළහැකි අවස්ථාවක් ලබා දෙන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

4,249 Viewers

One Comment to “බහුදින මුහුදු ගමන් ගිය ධීවරයින් යිශාල පිරිසකට ඡන්දය අහිමි වේ..”

  1. Sootin says:

    Aaa Me Diesel Adukaranna illlala Salakaup Kattiya Nowa …
    Aprade Gota ge chanda tikak.

Main News