බ්රේක් නැති කට නිසා රන්ජන්ට සබ්බුව ලැබේ.. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලාට නඩු..
November 23, 2018 at 3:22 am | lanka C news
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක ඇමති උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පසුගිය නොවැම්බර් 20දා දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වෙමින් අපූරු කතාවක් කිව්වා. “ ත්‍රි බෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යනවා. පහෙන් තුනක් මෙහෙට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ” එතුමාගේම වචන වලින් කියනවා නම් එතුමන් එහෙමයි ප්‍රකාෂ කලේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් කියලා එජාපය කලින්ම දන්නේ කොහොමද? එයින් තුන් දෙනෙකු තම පැත්තට නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දුන් තීන්දුව වෙනස් වෙන්නෙ නෑ කියා ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු නින්දිත අපහාසයක්. මේ පිළිබඳ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට එරෙහිව නඩුවක් ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගේ මේ ප්‍රකාශයත් සමග සමාජ ජාලා කැලඹිලා තිබෙනවා. මේ වන විට ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගේ ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණු අයුරු වැනි විවිධ කාරණා පිළිබඳ ඉතිහාසයේ නොවූ විරූ අයුරින් සමාජ ජාලා තුළ සංවාදයක් මතු වී තිබෙනවා. නීතියේ ආධිපත්‍යය රැක ගැනීමට නම් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය රැක ගන්න ඕනෑ. අධිකරණය මොන තීන්දුවක් දුන්නත් එය නොපිළි ගනිමින් රට පුරා කැරලිකාර තත්වයක් ඇතිවීමේ අවදානමක් රංජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් ඇති කර තිබෙනවා.
මේ පසුබිම තුළ මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයම වාඩි වන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නා ලෙසයි. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙකක් තිබෙන නිසා විනිසුරුවන් සිටින්නේ නව දෙනයි. ඒ නිසා මේ නව දෙනාම එකට අසුන් ගන්නා පූර්න විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද පෙත්සම් විභාග කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. නව පුද්ගල විනිසුරු මඩුල්ලක් කියන්නේ අපට නුහුරු අත්දැකීමක් නොවේ. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පෙත්සම් විභාග කළේ නව පුද්ගල විනිසුරු මඩුල්ලක්.
– අරවින්ද අතුකෝරල
මූ ඇතුලට යනව නම් මුගෙ බොරු කොණ්ඩෙ ඉල්ල ගනිල්ල.ඒක මුගෙන් පස්සෙ දෙන්න ඕන හරින්ට?
Are Australian karayata polla thibba eka ta comply and complain method eke apply karanna barida?
ගොන්ජෝ,
මාළුවා නසින්නෙත් උගේ කට නිසාමය
GON RANJO
WADAGATH PAWUL WALA
OBA WANI NARUMAYO BIHE WEN E
KARUMETA MA THAMY
APATA DUKI Dr KALO FONSEKA
WANI UTHUM PUTHDGALAYA KU
OBE MAMA WEEMA KARUMAYAK.
Mr. John Amaratunga, UNP MP, made a similar statement a few weeks ago.
He said the present bench favours the UNP position.
Brows through the news videos on the day of the first session in the courts.
Mr. John Amaratunga, UNP MP, made a similar statement a few weeks ago.
He said the present bench favours the UNP position.
Browse through the news videos on the day of the first session in the courts.