බ්ලැක්වෝටර් වතුයායෙන් කොරෝනා අසාදිතයන් 47ක්…

December 13, 2020 at 2:32 am | lanka C news
බ්ලැක්වෝටර් වතුයායෙන් කොරෝනා අසාදිතයන් 47ක්…

සංචරන සිමා පනවා ඇති අඹගම්ව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත  බ්ලැක්වොටර් වත්තේ ඉහල සහ පහල කොටසින් ගතවු පැය 24 තුල කොවිඩ් 19 වෛරසය අසාධනය වු අසාදිතයින් 12 දෙනෙකු හමු වි ඇති බවත් ,එම අසාදිතයින් අතරින් අසාදිතයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව ‍කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරන විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

එම වතුයායෙන් මිට පෙර කොවිඩ් 19 වෛරසය අසාධනය වු අසාධීතයින් 35 දෙනෙකු හමු වි ඇති බවත් ඉන් අනතුරුව එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් 800 දෙනෙකුගෙන් 475 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂනයට අනුව අසාධීතයින් 12 දෙනෙකු හමු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂවරුන් කියා සිටියේ.

මේ වනවිට එම වතුයායේන් කොවිඩ් 19 වෛරසය අසාධනය වු අසාධීතයින් ගණන 47 දක්වා ඉහල ගොස් ඇත් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

දැඩි සංචරන සිමා පනවා ඇති එම වතුයායට යුද හමුදාව සහ පොලිසිය එක්ව දැඩි ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,432 views
Main News