බ්‍රැන්ඩික්ස්ට විරුද්දව නීතිමය පියවර.. කම්කරු ඇමතිගෙන් නියෝගයක්..

October 10, 2020 at 3:00 pm | lanka C news
බ්‍රැන්ඩික්ස්ට විරුද්දව නීතිමය පියවර.. කම්කරු ඇමතිගෙන් නියෝගයක්..

මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නියෝග කර තිබේ.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ මෙරට සියලු පුරවැසියන් සේම බ්‍රැන්ඩික්ස් සමාගමටද අදාළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සමාගම එම සෞඛ්‍ය නිර්දේශය අනුගමනය කර නැතිනම් නිරෝධායන නීති යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව සඳහන් කර ඇත.

සමාගම විසින් නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැතැයි චෝදනා එල්ල වීම මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.

53,757 views

18 Comments to “බ්‍රැන්ඩික්ස්ට විරුද්දව නීතිමය පියවර.. කම්කරු ඇමතිගෙන් නියෝගයක්..”

  1. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න හදනවා වගේ වහන්සෙගොන්? දැන්ද බොලාල ඇහැරුනේ ? ආයෙමත් ටිකක් විතර බුදියන්න!

    • "මිටි කෝවිඩය" says:

      ‘මිටි’ නම් ‘කම්කරු’ තෝරලම පට්ටම දුන්නේ ඒකනේ.. !!

  2. Lolla says:

    මම මුන්ට හොඳටම කඩේ ගිය එකෙක්….. Brandix ට තනියම නීතිය කඩන්න බැ….. ආණ්ඩුවේ support එක නැතුව…. අපිව කඩේ යවන්න නං හිතන්න එපා….. මහින්දව ගෙදර යැව්ව විදියටම අයෙත් යන්න වෙයි…..

  3. ගැමුණු says:

    මොනවද ඉතින් කරන්න බලාපොරොත්තුව! බ්‍රැනඩික්ස් නිති කැඩුවෙ රජයේ ප්‍රබලයො උන්ව ආරක්ෂා කරන නිසා. හිටපු උනුත් එකයි තොපිත් එකයි ලොක්කගෙ ඉදන්. අපිව මරන් කන්න ආපු උන් බොලා ඔක්කොම. හෙනම ගහපන් 225ටම.

  4. Ajith says:

    දැන් තෙල් නැවටත් කිව්වේ නඩු දාලා වන්දි ලබාගන්නවා කියලා. පස්සේ ලික්කෝ ටික එකතුවෙලා නැව් සමාගමින් කෝටි ගණනක් උන්ගේ සාක්කු වලට දාලා නැව අරගෙන ගියා. අනෙක ඔකේ ලොක්කා වියත්මගේ පොරක්නේ. බලාගෙන හිටපන් අසරණ කෙල්ලන්ට වන්දි ලැබෙනකම්. අරහේ චීනා ඇවිත් ලංකාවේ ඔප්පුව ලියාගෙන ගියා. දැන් ෂාපද නැත්නම් ශෑපඩද ද ද ද ?

    • නොදකිං says:

      රටට කෙල වෙනකොට ගූඇන්+ජෙපි කුක්කන්ට එන සතුට…

  5. Dharmadaasa says:

    okkotama kalin wiyathmagata gaawichcha Hama ekekgema mole check karanna thiyenne.

Main News