බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන්ට සවුදි අරාබිය මුදල් දෙනවා..- හෙන්රි ජැක්සන් සොසයිටි

July 6, 2017 at 8:02 am | lanka C news
බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන්ට සවුදි අරාබිය මුදල් දෙනවා..- හෙන්රි ජැක්සන් සොසයිටි

බ්‍රිතාන්‍යය පුරා මුස්ලිම් පල්ලි හරහා ඉස්ලාමීය අන්තවාදීන්ට බිහිකිරීමට සවුදි අරාබිය මුදල් ආධාර සපයන බවට සාක්ෂි ඇතයි බ්‍රිතාන්‍යයේ හෙන්රි ජැක්සන් සොසයිටි හෙලිකරගෙන ඇති බැව් බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් වාර්තා කරයි.

ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී ඩැන් ජාවිස් කියා සිටින්නේ මෙම වාර්තාව අනුව මේ අයුරින් බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධව තමා ඉතාම කනස්සල්ලෙන් පසුවන බවයි.

එමෙන්ම මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය විසින් 2015 දි සිදු කල විමර්ශනයක් මගින් හෙලිවු කරුණු අනුව ඉස්ලාමීය අන්තවාදීන් සහ සවුදි අරාබිය අතර සම්බන්ධතා හෙලිදරව් වී ඇතත් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කොට නොමැතිවීමට හේතුව සවුදි අරාබිය සම්බන්ධව ඉතා සංවේදීව බ්‍රිතාන්‍යය රජය කටයුතු කරන බවටත් මෙම තත්ත්වය දැන දැනම බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය වන ත්‍රේරේසා මේ සවුදි අරාබියේ සංචාරයක යේදීම ඇය කල වරදක් බවට චෝදනා කොට ඇත.

Link

55 views

3 Comments to “බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය අන්තවාදීන්ට සවුදි අරාබිය මුදල් දෙනවා..- හෙන්රි ජැක්සන් සොසයිටි”

  1. සරත් says:

    අනේ නැහැ. ලංකාවේ වහබි සංස්කෘතියක් එහෙම හදන්න සවුදි සල්ලි ලැබෙන්නෙම නැහැ.

    • හිමාක says:

      බ්‍රිතාන්‍යට මෙහෙම ආධාර දෙනවනම් ශ්‍රිලංකාවේ තත්වය කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද ?සවුදි අරාබියාව වහාබි කියන අන්තවාදීයන් බිහිකරන්න මෙරටට ආදාර දෙනවා ,.මේ සල්ලි ගන්නා අන්තවාදී අදහස් දරන පුද්ගලයින් මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අන්තවාදී ජිවන ක්‍රමයකට ඇතුළු වෙන්න බල කරනවා , මේ ක්‍රමයට අනුගත නොවන අයට තර්ජනය කරනවා .මේ අන්තවාදී ජිවන ක්‍රමය ප්‍රතික්ෂේප කරන තරුණියන්ව නිවාස අඩස්සියේ තබනවා .මුස්ලිම් සමාජයේ මද්යස්ත මිනිස්සු මේ අන්තවාදීන් නිසා බැට කනවා නමුත් කවුරුත් මේ ගැන කතාකරන්න කැමති නෑ බයයි .මෙන්න මේ අන්තවාදීන්ගේ සහ උන්ගේ අන්තවාදී මද්රාසා පාසල් වැසීම මගින් ශ්‍රිලංකාවේ අනාගත ප්‍රශනයක් ඇතිවන එක නවත්වන්න පුළුවන් .

  2. siraa says:

    Eeka ithin lankaawatath ehemmamayi… Minissu harawanna salli denawanam, Ratawal harawanna nodee indhiyida?

Main News