බ්‍රිතාන්‍යයේ බෝම්බ්කරුගේ පියා ගඩාෆි එලවන්න බ්‍රිතාන්‍යයේ සිට ලිබියාවට ගිය අයෙක්.. ලංකාවටත් හොඳ පාඩමක් ඉගෙන ගත හැකිය..
May 26, 2017 at 8:02 am | lanka C news
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර බෝම්බයක් පුපුරවාගෙන අහිංසක ජීවිත 22 ක් අහිමි කරමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කල අවුරුදු 22 ක මුස්ලිම් තරුණයමකු වන සල්මන් අබ්දිගේ පියා 1990 වසරේ හිටපු ලිබියානු නායක මුවමර් ගඩාෆි ගේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදීයෙකු ලෙස හදුනාගෙන සිටියදි බ්‍රිතාන්‍යයට පැන ගොස් දේශපාලන රැකවරණය ලබා ගත් පවුලක සමාජිකයෙකි.
බ්‍රිතාන්‍යයේ බෝම්බ්කරුගේ පියා ලිබියාවේ ගඩාෆි රෙජිමය එලවා දමන්න 2011 බ්‍රිතාන්‍යයේ සිට ලිබියාවට ගොස් ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් වල ආධාර මත එම රෙජිමය පලවා හැර ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාෆි මරණය පත් කලේය.
අද එහි ප්‍රතිඵලයක් ලෙස එදා ත්රස්තවාදීන්ට රැකවරණය සැපයූ බ්‍රිතාන්‍යයේ පාලකයින්ට වර්තමාන අහිංසක බ්‍රිතාන්‍යය වැසියන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වීම දෛවයේ සරදමකි. ඒ මන්දයත් මේ වනවිට ශ්‍රීලංකාවන් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධව සිටි බොහෝ පිරිස් දෙමළ ඩයස්පෝරාව යටතේ නැවත අපේ රටට ඒමට මෙන්ම නොයෙකුත් සම්බන්ධතා ඇතිකර ගැනීමට ඔහුන් ත්රස්තවාදීන් නොව මහින්ද රාජපක්ෂ විරෝධීන් බව හගවමින් සංහිඳියාව ගැන කතා කියමින් කතා කරන යුගයකි.
එමෙන්ම මෙහි ඵල විපාක විදීමට සිදු වන්නේ අපේ රටේ අනාගත සිංහල, දෙමළ සහ මුස්ලිම් දරුවන්ට බව අමතක නොකළ යුතුය.