බ්‍රිතාන්‍යයේ යෝජනාවලියට විරෝධය පා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවරට රොද බඳිති…

March 10, 2019 at 5:30 pm | lanka C news
බ්‍රිතාන්‍යයේ යෝජනාවලියට විරෝධය පා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවරට රොද බඳිති…

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 සැසි වාරයට මහා බ්‍රිතාන්‍යය ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාවලියට විරෝධය පා ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක සිට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් බස් රථවලින් ජිනීවා නුවරට පැමිණෙමින් සිටිති.

ජිනීවා වේලාවෙන් සවස 1 ට උද්ඝෝෂණය සහ රැළිය ඇරඹීමට නියමිතය. ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය උද්ඝෝෂණය සංවිධානය කරයි.

සංජීව දොඩන්තැන්න
ජෙනීවා නුවර සිට

171 views
Main News