බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් උතුරේ…
June 21, 2018 at 2:02 am | lanka C news
ශ්‍රීලංකාවේ බිතාන්‍ය මහකොමසාරිස් ජෙම්ස් ඩොරිස් මහතා උතුරේ සංචාරයක නිරත වන අවස්ථාවේදී වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් විය.
වව්නියාව දිසාපති සෝමරත්න විදාන පතිරණ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වෙමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයා කියා සිටියේ යුද්දෙන් පසුව උතුරේ රජය විසින් කරගෙන යන සංවර්ධන වැඩපිළිවල සම්බන්ධයෙන් සතුටුවිය හැකි මට්ටමක පවතින බවටත් නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් සඳහා තම රජයද උපරිම සහය ලබාදීමට පියවර ගන්නා බවටත්ය.
එහිදී වව්නියාව දිසාපතිතුමන් විසින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයා දැනුවත් කරමින් කියා සිටියේ වත්මන් රජය විසින් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2397.48ක මුදලක්ද ඒ වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති 15106 ක් ක්‍රියාවට නංවමින් මේ වන විට එහි සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතින බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Mooo rasthiyadu gahanne meka muge amma/appage rata wage hithalada ?