බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි..

July 25, 2019 at 10:40 am | lanka C news
බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි..

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

වර්තමාන ආණ්ඩුව විසින් රජයේ රැකියා අවස්ථා ලබාදීමේදී උපාධිධාරීන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සඳහා කිසිදු නිවැරදි ස්ථිර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමෙන්,  උපාධිධාරීන් දැඩි අසරණ තත්ත්වයකට මේ වනවිට පත්ව තිබේ.  එම රැකියා අවස්ථා ලබාදීමට මේ දක්වා කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයිද? කියා ආණ්ඩුව විසින් මෙම ගරු සභාවට පිළිතුරු දිය යුතුයි.

මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ප්‍රකාශ කරනු ලැබුවේ නව රැකියා අවස්ථා ලබාදෙන බවයි.  මේ වන විට වසර 4 ½ ක් ගත වී ඇතත්,  රැකියා අවස්ථා ලබාදෙනවා වෙනුවට මෙම ආණ්ඩුව කරනු ලැබුවේ හාර ලක්ෂ පනස් හතර දහසක් රැකියා අවස්ථා අහිමි කිරීමයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව මඟින් තහවුරුවේ.  ගරු කථානායකතුමනි, වසරක මේ ආණ්ඩුව විසින් ජාතියේ දරුවන්ට අහිමි කරනු ලබන රැකියා ප්‍රමාණය ඒ අනුව ලක්ෂය ඉක්මා තිබේ.

ආණ්ඩුව රැකියා ලබා දුන්නේ නම්, විරැකියාව අවම වී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලටද විසඳුම් ලැබිය යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිවේ.

මේ වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළ බඳවා ගැනීමේ නාමලේඛන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වුවද එය නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලි රැසක් මේ වන විටද ලැබී ඇත.

2018.08.20 දින ඉහලම ලකුණු ලබාගත් උපාධිධාරීන් පිරිසක් පත්වීම් ලබාදීම සඳහා අරලිය ගහ  මන්දිරයට කැඳවා එම උත්සව ශාලාවෙන් ඉන් කණ්ඩායමක් ඉවත් කරනු ලැබුවේ ඔවුන් බාහිර උපාධිධාරීන් බව පවසමිනි. බාහිර උපාධිය එම බඳවා ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙම ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කෙසේද?

මෙය මොනතරම් අයුක්තිසහගතද? අසාධාරණද? යහපාලනය තම ප්‍රතිපත්තිය බව පවසන ආණ්ඩුවකින් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකිද?

අදාළ ගැසට් පත්‍රයෙහි එවැනි සඳහනක් නොමැතිනම් බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුවද කියා ආණ්ඩුව වහාම පිළිතුරු ලබාදිය යුතුව ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනවලට බාහිර උපාධිධාරීන් කිසිවෙකු ඇතුළත් නොකිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ මන්ද? කියා මේ අවස්ථාවේදී අපි දැඩිව ප්‍රශ්න කරමු.

මේ ආකාරයෙන් බාහිර උපාධිධාරීන්ට වෙනත් හැන්දකින් බෙදීමට ආණ්ඩුව ක්‍රියාකළ නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාවද  ඉතා වේගයෙන් ඉක්ම යමින් තිබීම ගැනද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපගේ ආණ්ඩුව මඟින් උපාධිධාරීන්ට රජයේ නව රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව රටම දන්නා කරුණකි.

එහිදී නව රැකියා අවස්ථා උපාධිධාරීන් 90,000 කට ආසන්න ප්‍රමාණයකට හිමිවූ අතර එම අවස්ථාවේදී කිසිදු දේශපාලන භේදයකින් තොරව, අභ්‍යන්තර හෝ බාහිර සලකා බැලීමකින් තොරව, වයස් සීමාවකින් තොරව සහ උපාධියේ විෂයයන් ගැන නොසලකා රැකියා අවස්ථා ලබාදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවටද විසඳුම් ලබාදුන් බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුව තිබේ.

බාහිර උපාධිධාරීන් අදාළ වර්ෂයට ඇතුළත් කර නොගැනීමටත්, තරඟ විභාගයේ ලකුණු අනුව පත්වීම් ලබා නොදීමටත් ක්‍රියාකළේ කෙසේද?  කියා රටට පැහැදිලි කළ යුතුව තිබේ.

සියළුම උපාධිධාරීන්  තම අධ්‍යාපනයට සරිලන රැකියා අවස්ථා ඉල්ලන විට ඔවුන්ට මහ පාරේදී පසුගිය වසර 4 ½ තුළ ලැබුණේ යහපාලන කදුළු ගෑස් බවද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර වර්තමාන ආණ්ඩුව සියළුම රැකියා විරහිත උපාධිධාරීන් කැඳවා රැකියා ලබාදෙන බවට පොරොන්දු වුණි. නමුත් එම පොරොන්දුවද මෙම ආණ්ඩුව කඩකර තිබෙන බව එම උපාධිධාරීන්ම ප්‍රකාශ කරති.

රැකියා බලාපොරොත්තුවෙන් සිටින සියලුම  උපාධිධාරීන්ට රැකියා අවස්ථා නිවැරදි ආකාරයෙන් ලබාදීමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට වසර 4 ½ ක් තිස්සේ නොහැකි වුණු ආණ්ඩුව ඉදිරි මාස කිහිපය තුළ මෙම ජාතික ගැටළුව විසඳන්නේ කෙසේද?  කියා වහාම රටට හෙළි කළ යුතුව ඇත.

මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

 

103 views

12 Comments to “බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි..”

  1. Nawodhi says:

    All external graduate are over-age JVP supporters.

    • Asarana says:

      Ha ha .. This comment shows the size of your brain and awareness.

    • Karu says:

      Don’t be so narrow minded.
      External degree arrangement is a result of the weakness in our system.We can’t afford to provide adequate facilities for these students.Rich people and politicians send their children overseas or to private unis. Others do the external degrees, while,being treated like third grade citizens.
      In most of the countries there are no external undergraduates.They are all students of the institution, but follow classes in different localities or on line.
      Just be sympathetic because they are a victim of the bad social set up.

  2. Nishantha says:

    External degrees also should be equally accepted. External degrees are also been granted by same universities with similar evaluation

    • Karu says:

      You are correct
      These students are left out from the internal categories not because of their fault but because of the wrong set up in our system.

  3. perera says:

    The government should not provide jobs being a graduate. Why do these people think that its a government obligation to provide them a job? Government has done their job facilitating them for higher studies.
    Please go and stand-alone work for a private company or try to start own business.

    Specially This MP Mahinda is promoting bad attitudes all over society to attract more votes.

  4. Trumpets says:

    හා හා චන්දෙ ලගය්…
    අපිට චන්දෙ දෙනවනං අපි රස්සා දෙනවා…..
    නිදහස් අද්‍යාපනයට ජයවේවා…..

  5. john the baptice says:

    රනිල් ජනාදිපති වරණයට තවත් උප්පර වැට්ටියක් බුලත් වෙනුවට චුන්ගම් වගේ

  6. Open mind says:

    බාහිර උපාධි වලට පෙර දක්ෂතාවය පෙන්වා වි වි ඇතුළුවී උපාධි ලැබූ අයට තැනක් දිය යුතුය.හැබැයි පඩි ලබන්න පමණක් නොව සංවර්ධන කාර්යයට දායක වීම සඳහා ය.

  7. Ranawaka says:

    HNDA ayata DO denne nadda api internal degree holders ????

  8. Nawodhi says:

    External degrees are just paper without any training or expertise. They call before one week prior to examination seminar and discuss question paper. It is good money making project for local academics.

Main News