ඩොලර් නැතිව තෙල් නැවු මුහුදේ.. නොබෑවොත් පැය 12ක විදුලි කප්පාදුවක්.. දුම්රිය දුවන්නත් තෙල් නෑ..
January 17, 2022 at 10:00 am | lanka C news
මෙරට මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉන්ධන නැවුවල ඉන්ධන ගොඩබෑමට ඩොලර් ලබා නොදුනහොත් දැඩි විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දුම්රිය ධාවනය කිරීම නවතා දමන තත්ත්වයකට පත්විය හැකි බව හෙතෙම කියා සිටියේය.
දින කිහිපයක් තිස්සේ නැංගුරම්ලා ඇති නැවුවල ඉන්ධන ගොඩබෑමට මුදල් ලබා දෙන්නැයි මහ බැංකුවට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකළහොත් ලබන සතිය වන විට රට විදුලිය කැපීම පැය දෙක තුනක් නොව දවසින් අඩක් පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.
එමෙන්ම කර්මාන්තශාලා 50%ක පමණ ප්‍රමාණයක් වසා දැමීමට සිදුවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
Yesterday’s News item
……….පසුගිය මාස කිහිපයේදී මෙරට ආර්ථිකය තිබූ තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට දැන් පත්ව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
මේ වන විටත් මෙරට ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය………..
වැස්සෙ නැත්නම් අධිපති ගෙ ආර්ථිකේ කොට උඩ.
බොරුව දිගටම විශ්වාස කරන්න දෙන්න ඕන. මෝඩ වුන එක වහන්න හොඳම ක්‍රමය බොරුව පවත්වාගෙන යාම. ඔහොම යමු….කවුද ඇත්ත කියන්නේ කියල රටම තේරුම්ගන්න දවස එනතෙක් චෞර දේශපාලකයෝ රජවරු. ඇත්ත එලියට ආපුවාම .. අරාබි වසන්තය….