බාරකාර ආණ්ඩුවකට මං විරුද්ද වූ නිසා මට ගහන්නේ.. මහින්දට බැරිනම් ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ වාසු හෝ දිනේෂ්.. පවුලේ අය එපා..

October 18, 2018 at 11:20 am | lanka C news
බාරකාර ආණ්ඩුවකට මං විරුද්ද වූ නිසා මට ගහන්නේ.. මහින්දට බැරිනම් ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ වාසු හෝ දිනේෂ්.. පවුලේ අය එපා..

මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ගෝඨාභය, චමල්, බැසිල් හොඳයි කියා ඇතැමුන් කිව්වද තමන්ගේ අදහස හොඳම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහත්තයා නොවේනම් පවුලේ නොවන අයෙකුට එම තැන දිය යුතු බව සඳහන් කරන ඔහු එම ලයිස්තුවේ මුලින්ම සිටින්නේ වාසුදේව නානායක්කාර මහතා බවත් දෙවැනි තැන සිටින්නේ දිනේෂ් ගුණවර්ධන මහාතා බවත් පෙන්වා දෙයි.

මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

තමන් සමග ඇතැමුන්ට තරහ ඇත්තේ භාරකාර ආණ්ඩුවකට තමන් කැමති නැති වීම නිසා බවද පැවසූ ඔහු අද රටේ 80% කියන්නේ මැතිවරණයකින් බලයට එන ලෙස බවද සඳහන් කළේය.

එනිසා තව මාස 14 කින් පැවැත්වෙන මැතිවරණයට සූදානම් විය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් එහිදී වැඩි දුරටත් පැවැසීය.

132 views
Main News