බාරකාර ආණ්ඩුව කෙරෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවට පොහොට්ටුවේ සියළු මන්ත‍්‍රීන් මහින්ද කැදවයි..

October 8, 2018 at 1:20 pm | lanka C news
බාරකාර ආණ්ඩුව කෙරෙනවාද නැද්ද.. තීරණාත්මක සාකච්චාවට පොහොට්ටුවේ සියළු මන්ත‍්‍රීන් මහින්ද කැදවයි..

මේ දිනවල සාකච්චට ලක්වෙමින් ඇති භාරකාර ආණ්ඩු යෝජනාව සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් හෙට දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ හමුව සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන මන්ත‍්‍රීන් සියළු දෙනාට ආරාධනා කර ඇත.

මෙම විශේෂ හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර මන්ත‍්‍රිවරුන් සියළු දෙනා මෙම හමුවට සහභාගී වීම තහවුරු කර තිබේ.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන සංසදයද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද බත්තරමුල්ල නෙළුම් කාර්යාලයට කැදවා ඇත.

58 views
Main News