බාරකාර ආණ්ඩු යෝජනාවෙන් ඒකාබද්දය දෙදරයි.. කොටසක් විරුද්දයි..

October 5, 2018 at 3:50 pm | lanka C news
බාරකාර ආණ්ඩු යෝජනාවෙන් ඒකාබද්දය දෙදරයි.. කොටසක් විරුද්දයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාවට තමන් විරෝධය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ද එවන් යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී අවසානයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් රැවටීමකට ලක් වූ බවයි.

මැතිවරණ කල් දමමින් සිටින ආණ්ඩුව පරාජය කරන තුරු සටන අත් නොහරින බවත් භාරකාර ආණ්ඩුවකට තම විරෝධය පළ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

මේ අතර එහි ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද භාරකාර ආණ්ඩු යෝජනා සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරමින් අදහස් දැක්වීය.

80 views
Main News