බාරකාර ආණ්ඩු හදන්න ගියොත් අපි තනි ආණ්ඩුවක් හදනවා..- එජපායෙන් ජනපතිට තර්ජන

October 8, 2018 at 3:00 pm | lanka C news
බාරකාර ආණ්ඩු හදන්න ගියොත් අපි තනි ආණ්ඩුවක් හදනවා..- එජපායෙන් ජනපතිට තර්ජන

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සැරසුනොත් ඊට කලින් එක්සත් ජාතික පක්‍ෂය විසින් තනි ආණ්ඩුවක් බිහි කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසයි.

එජාප තනි ආණ්ඩුවක් සඳහා තමන් නැවතත් පක්‍ෂයට යෝජනා කරන බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බවද ඔහු කියා සිටී.

කොතෙක් උත්සාහ කලත් සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා නොහැකි බවත් හැකි නම් එසේ කර පෙන්වන්නැයි අභියෝග කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

18 views
Main News