බාර්වල මත්පැන් තොග අවසන්..

May 14, 2020 at 12:40 pm | lanka C news
බාර්වල මත්පැන් තොග අවසන්..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් වලින් සිල්ලරට මත්පැන් අලෙවි කරන සුරාසැල් පමණක් විවෘත කිරිමට (13) දින අවසර ලබා දිමත් සමග එම සුරාසැල් වල තිබු මත්පැන් තොග අවසන් වි ඇති බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

මාස 1 ½ ආසන්න කාලයක් සුරාසැල් වෙත අවශ්‍යය මත්පැන් තොග නිකුත් නොකිරිම නිසා (13) දින සුරාසැල් විවෘත කිරිමෙන් පසු එම සුරාසැල් වල තිබු සිමිත මත්පැන් බෝතල් තොගය (13) දින පස්වරුව වන විට අවසන් වි ඇති බවයි ජානක පෙරේරා මහතා කියා සිටියේ.

එම සුරාසැල්වලට අවශ්‍යය මත්පැන් තොග රැස් කිරිමට මත්පැන් නිකුත් කරන බවත් එම සුරාසැල් වලට පැමිණෙන පාරිභෝගිකයන් සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව පැමිණෙනවාද යන්න පිලිබදව සහ මත්පැන් නිකුත් කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් සුරාසැල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව මත්පැන් නිකුත් කරනවාද යන්න පිලිබදව අධික්ෂණ කටයුතු සිදු කරන බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

(13) දිනට සාපෙක්ෂව (14) දින හැටන් නගරයේ විවෘත කර ඇති සිල්ලරට වෙලදාම් කරන සුරාසැල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට නොලැබුණි.

– රංජිත් රාජපක්ෂ

241 views

19 Comments to “බාර්වල මත්පැන් තොග අවසන්..”

  1. MD says:

    පිරිමි මිනිස්සු කොතරම් සංවරද.කොටු පනින්නෙ නැතුව බලන්න ලස්සනට ඉන්න හැටි.කාන්තාවන් හිටියනම් ඔතන ආරවුල් ගොඩයි.හා….නැද්ද?

    • Alapaluwa says:

      මෝඩ බයියෝ කොරෝනා වලින් නෙවේ බීලයි මැරෙන්නෙ.

      • ජෙප්පා says:

        බාර් ඉස්සරහ ඉන්න බේබද්දන්ගෙන් 15%ක් විතර පීඩිත පන්තියෙ ජෙප්පො.

    • KP says:

      අරක්කු කොම්පැනි සෑහෙන්න වියදං කරන්න ඇතිනෙ පහුගිය කාලෙ ඉක්මනට බාර් ඇරව ගන්න. සුරාබදු දෙපාර්තමේන්තුව ඒකනෙ ඒ සඳහා බැහැලා වැඩ කලේ. වියදං කරපු සල්ලි ටික දැන් හම්බ කරගත්තානං කරුනාකරලා දැං ඔය ටික ආයි ටික කාලයක් වහනවද පවු නොදී

      • Ratavesiya says:

        Liquor shops were not closed even at the peak of corona cycle in USA.

        It is an essential commodity in the day to day life off all the segments of the society.

  2. නිරීක්ෂකයා says:

    මත්පැන් අවසන් වුනාට මංගල සමරවීර වගේ උන් පාර්ලිමේන්තුවේ හිටියොත් උන්ගේ ලේකම්ලා හරහා මෙරට පාසැල් ළමුන්ටත් මත්කුඩු, මත් පෙති, අයිස් මත්ද්‍රව්‍ය දෙයි. මංගලගේ ලොල්ලු පුද්ගලික ලේකම් ගල්කිස්සේ බීච් පාටියට හිරොයින්, මෙතෆටීන් හෙවත් අයිස් සහ මත්ද්‍රව්‍ය තොගයක් බෙදන්න ගෙනියනකොට STF එකෙන් අත්ඩංගුවට ගත්තා. එතකොට මංගලයා කරේ අගමතිට කතා කර උගේ කොලු පවුලව බේර ගත්තා. නඩුව යට ගියා. සමීර නැමැත්ති පුද්ගලික ලේකම්ට ජා ඇල ප්‍රදේශයේ විශාල මන්දිරයක් තිබෙනවා. ඒක හැදුවේ කුඩු සල්ලි වලින්.

  3. දියරකුස් says:

    මත්පැන් කිසිකෙනෙකුට බලෙන් පොවන්නේ නැත.බාර් අරින්නේ බොන අයට පමනි.කන්නෙ බොන්නෙ නැති පවුල් වලින් ගෑනු ගන්න එපා”යන්න පැරනි කියමනකි.මත්පැන් නොබී බනින අය බහුතරය සමාජයේ කැපී පෙනීමක් අපේක්ශා කරන කොටසක් වන අතරම තමන්ගේ බිරිදට දරුවන්ට පවා හරිහමන් කෑමක් බීමක් ඇදුමක් අරන් නොදෙන කුනු හැත්තක් බව සදහන් කරමි.

    • එල කතාව …!

      • ටොයිබයියා says:

        කිරට බළල්ලුත් සාක්කි. මේකා අමු බේබද්දා. මම දන්නවා

    • Bokudiras says:

      Exactly correct

    • DOC says:

      ඕව මෙතන කොටන්නෙ නැතුව බොන මිනිස්සුන්ගේ ගෑනුන්ට ගිහින් කියපන්.
      ඔබේ සිහින ලෝකයයි, යථාර්ථයයි අතර පරතරය අඩු වෙලා සිහිනෙන් නැගිටින්න හොදවයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි.

  4. mahinda says:

    it is better to register all the drunkers and deliver home ,their requirements.Registration would more benefited for other information too.

  5. Kala beela imu says:

    දියරකුස් ඔක තමයි ඇත්ත මචෝ

  6. Memopad says:

    This particular situation happened at Hatton, but reporting implies, the whole country. Please report a situational analysis covering the entire island

  7. Love nature says:

    සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපතිගේ මේ මෝඩ ක්‍රියාව ජනතාව පිළිකුල් කර යුතුය

  8. Love nature says:

    ලෝකයේ වැඩිපිරිසක් කොරෝනාවෙන් මිය යන්නේ වැඩියෙන් මත්පැන් බොන පිරිසක් මේ අයගේ ප්‍රතිසක්තිය මත්පැන්බිමෙන් දුර්වල වන බැවිනි.

  9. Innoka says:

    Contact Police OICs not only arrack even you can get drugs. Come and Meet OICs under Western Province Police stations.

  10. Gs says:

    Dan athi.

Main News