බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී.. කසිප්පු 1500 පනී..

April 18, 2020 at 12:00 pm | lanka C news
බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී.. කසිප්පු 1500 පනී..

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් රජය විසින් පනවන ලද දැඩි සීමා අනුව දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ මෙරට මත්පැන් අලෙවි සැල් සියල්ල වසා දමා තිබේ.

මේ තත්ත්වය මත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයන් විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර පොලිසිය විසින් සිදු කරන වැටලීම්ද ඉහල දමා ඇත.

මේ දිනවල නීති විරෝධී මත්පැන් බෝතලයක් රුපියල් 1500-2000 දෙදහසක් අතර මිලකට අලෙවි වෙමින් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මත්පැන් හල්වල රුපියල් 1600කට පමණ මිල නියම කර ඇති අඩුම මිලට ගැනීමට තිබූ අරක්කු බෝතලයක් රුපියල් 5000 හෝ ඊට ඉහල මිලකට නීතිවිරෝධී ආකාරයෙන් අලෙවි කරන බවද වාර්තා වෙයි.

221 views

17 Comments to “බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී.. කසිප්පු 1500 පනී..”

  1. Anti corona says:

    හා..මතක එක්කෙනෙක් ඉන්නවනං කියන්ඩ බලන්ඩ..අ…බාර් එකකට ගිහිං දැලක එල්ලිලා, අන්තිමටම අරක්කු බෝතලයක් ගත්ත ඒ සුන්දර දවස..ඈ…ඔබ යන්න ගියා මැකිලා..ආ..

    • Dr. Wijesekara says:

      ඔය සුන්දර යයි සිතාගෙන හිටපු ගොඩක් අය රෝහල් වාට්‍ටුවේ සිරෝසිස් හැදිල මැරෙනකොට ඉල්ලුවේ අනේ ඩොක්ට මට හොඳ වෙන්න බැරි වෙයිද කියල. සමහරුන්ට එහෙම අහගන්න වත් පනක් නෑ. සමහරුන්ට උදර කුහරයේ තරල පිරිල බඩවල් පිම්බිල උස්ම ගන්න බෑ. සමහරුන්ට බඩවැල් තුවාල වෙලා ලේ යනව නතර කරගන්න බෑ. ඇල්කොහොල් සුන්දරයි කියල ඇලෙන්නේ අවුරුදු 20 ඉඳන් 40වෙනකන් මිනිස්සු. 40 වෙනකොට ඇඟේ ලෙඩ එනකොට පසුතැවෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

      • " මත්පැන් " නොව "මත්විස " කි.🥵 says:

        Dr. Wijesekara ඔබගේ කතාව සහතික ඇත්ත….
        පලමුවෙන්ම දෙයක් මෙතැන නිවරැදි කල යුතුය… එනම් ” මත්පැන් ” නොව “මත්විස ” කි..!
        ලෝකයේ තම දැනුවත්වම සල්ලි දීලා ඇඟට විස ඇතුල් කරගන්නා ක්‍රම වේද හතර..
        “””මත්-කුඩ… මත්-විස… සිගරැට්ටුව… ගණිකා වෘර්තිය “”
        මේවායින් ජීවිත අසරණවූ අනන්ත අප්‍රමාන අය දිනපතා අපේ දෑස් වලින්ම දකින නිසා ලියන්නේ…
        මම සුද්දගෙ රටට බාහිර උපාධිය කරන්න ගියා… මම කාමරේක කුලියට හිටියෙ සිංහල ගෙදරක.. සති අන්තියේ ඒ ගෙදරට යාලුවෝ එකතුවෙලා කුදු වෙන්න බොනවා… බෝතලය අරිනවා විතරයි දකින්නේ වාෂ්ප වෙනවට වඩා වේගයෙන් බෝතලේ ඉවරයි… දවස් තුනකට බෝතල් 20 ට වැඩියි යාලුවෝ තුන්දෙනෙක් අතර…ඒ කියන්නේ දින තුනට රු 80,000…ඒව ගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඉතින් ඇඟට දැනෙන්නේ නැහැ.. හවස 6ට පටන් ගන්නේ බොන්න… මම කිව්වා දවසකට එන්න මගේ වාට්ටුවට මම පෙන්නන්ම් කියල විපාක…. ඒත් පුරුද්ද අත ඇරියේ නැහැ… අද සිරෝසිස් හැදිල ඒ අය විඳවනව වයස 50ටත් අඩුයි..! තනිකඩ ජීවිතනම් කමක් නැහැ… පවුල් ජීවිතත් විනාසයිි… දරුවනුත් අනාතයිි…..
        කොළඹ අපේ ගෑණු ලමයි බීල හැසිරෙන හැටි දැක්කාම මට පුදුම හිතෙනවා.. බොන විදිය…. ඒ අයටත් සිරෝසිස් හැදුනු අයගෙ වාට්ටුවකට ගිහිල්ලා දෑසින්ම විඳවන හැටි දැක ගන්න පුලුවන් උනානම් වෙනස්වෙන්න ඉඩ තියෙනවා…
        කොල්ලුපිටියේ එක නයිට් ක්ලබ් එකක රෑට බෝතල් 5000 ට වැඩිය හිස්වෙන බව ඔබ දන්නවාද…?
        සමහරවිට වැඩ ඇරිලා හවස බාර්වල ඉන්න මිනිස්සු දැක්කාම හිතා ගන්නවත් බැහැ අපේ රට බෞද්ධ දේශයක්ද කියලා…!

  2. DCSL says:

    Ane ow ane kawadda api apahu bite ekak dagena lassna Beach ekak langata wela Gal gothalayak gahanna wenne. Ayyo coronoa kara pu deyak.

    • rattar says:

      දැන් ඉතින් බාර් ඇරල බෝතලයක් එකෙන්ම
      4000 ට දෙන්න පුළුවන්.ආන්ඩුවට නියම ආදායමක් .

      මොකද උබල 5000 ට ගත්තා නම් 4000 ට ගන්න බැරි නැ නෙ.

  3. Sanj says:

    දැන් නම් බාර් අරින්න වෙයි නැත්නම් කසිප්පු කාරයෝ ජරාව දීලා අහින්සකයෝ මැරෙනවා

  4. country man says:

    This was a very stupid move by the government. The person who drinks, will get used to drinking illicit stuff,and as it is cheaper during normal time will stay with it. If they do the government will loose a lot of revenue. The drug problem you can control as it comes from abroad. But the illicit stuff wont be that easy to control as it is LOCAL.

    • Just says:

      Only the stupid people will start drinking illicit alcohol. Under the circumstances any intelligent person will try hard to give up this filthy habit of drinking alcohol. If you sit without drinking next to a group of people drinking you will see the stupid behavior of the drinkers. They all behave in the same way regardless of the level of education or social status they have. Only difference is some will use filthy language or become aggressive, others may not. But they all lose their senses in the same way.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කසිප්පු මුදලාලිලා හිතනවා ඇති හැමදාම මෙහෙම තිබ්බොත් නම් යසයි කියලා =D

  6. MyCountry says:

    Bar tika wahalama danna thiyenne. Aye bar arinna onema ne.

  7. Sun says:

    Look at the foolishness of the people addicted to drinking. At young age at the university level the students taking that as a social inducement and later they will be addicted to it. Hard to change these attitudes after addiction.

  8. සමන් says:

    ඕවයින් ලැබෙන බදු මුදල් ප්‍රමාණයට වඩා ඕව බීල ලෙඩවෙන රෝගීන් වෙනුවෙන් වියදන් වන නිසා, ජනාධ්පති තුමා සියලු මත්ද්‍රව්‍ය තහනම් කලොත් මේ රට බොහොම ඉක්මනින් දියුනු කරන්න පුලුවන් වෙනව.

  9. නිලමේ says:

    කසිප්පු නිත්‍යානුකූල කර නිෂ්පාදකයින් දිරිමත් කර නිෂ්පාදන අපනයනය කරන්න පියවර ගන්නවා කිව්වොත් කොහොමටත් තියෙයිද?

  10. අමල් says:

    “බාර් වහලා මාසයයි.. කළු කඩේ ගල්-පොල් 5000 පනී..

    ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000.00 ඉල්ලල රංඩු වෙන ගමන්.
    ගල් බෝතලය රුපියල් 5000 ගනී 😛

Main News