බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..

August 30, 2020 at 12:02 am | lanka C news
බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..

මෙරට සිදුවන අඩු වයස් විවාහ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු වී ඇති බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඇමති ධුරය භාරගැනීමෙන් පසු අස්ගිරි-මල්වතු මහ නාහිමිවරු බැහැදැකීම සදහා එම විහාරස්ථාන වලට ගිය අවස්ථාවේ ඔහු මේ බව සදහන් කලේය.

මුස්ලිම් ජාතික කාන්තාවන් සංගම් හැටියට පැමිණ මේ සම්බන්ධයෙන් තාමන් සමගින් සාකච්ඡා කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

තමන්ට මේ මෙම කටයුතු කරද්දී අභියෝගවලට මුහුණ දෙන්න සිදුවනු ඇති නමුත් අභියෝගාත්මකව රට ගොඩනැගීමේ කාර්යය සඳහා දායක වන බවද ඔහු සඳහන් කළේය.

තමන් අධිකරණ ඇමති ධුරයට පත් කර ඇත්තේ සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කිරීමට බවත් පැවසූ ඔහු තමන් ඉස්ලාම් ආගම අදහන්න එක වුවද පෝෂණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බවද ඔහු සඳහන් කළේය.

අස්ගිරි මල්වතු නාහිමිවරුන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

27,429 views

16 Comments to “බාලවයස් විවාහ තහනම් කරනවා… මුස්ලිම් කාන්තා සංගම් මා හමුවුණා..- අධිකරණ ඇමති මහනාහිමිවරුන්ට පොරොන්දු වෙයි..”

  1. Buddhist says:

    18 wayasata adu podi lamai pansalwala bandima saha mahana kirimath thanam karanna oni.

    • Sachini says:

      කොල්ලෙක් කෙල්ලෙක් 18 අඩුවෙන් යාලු වෙලා ලිංගිකව හැසිරුනත් චෝදනාව වෙන්නේ බලහත් කාරයෙන් පැහැරගැනීම දුෂණය.මෙතැනදී 18 අඩුවෙන් යාලු වෙලා ලිංගිකව හැසිරෙන කෙල්ලෝ ඕන තරම් සමාජයේ සුලබව සිටිනවා . කෙලෙක්ට තමන් කැමතිනම් නව යොවුන් විය එළඹුණු පසු ලිංගිකව තම කැමැත්තෙන් හැසිරීමේ අවසරය තිබිය යුතුයි . නැතිනම් එය මානුසික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් මෙන්ම නුතන වයිද්‍ය විද්‍යානු කුල සමාජ පිළිගැනීම් වලට පටහැනි වනවා . 18 අඩු කාන්තාවකට වුවත් නව යොවුන් විය එළඹුණු පසු ලිංගිකව තම කැමැත්තෙන් හැසිරීමේ අවසරය තිබිය යුතුයි. නීති එලෙස වෙනස් විය යුතුයි .

  2. ඉත්තෑවා says:

    මුස්ලිම් නීති බොහොමයක් කුරාණයේ තියෙන ඒවා (දෙවියො දුන්නු නීති) නොවේ.

    කුරාණයේ තිබෙන වැකි (දෙවියන් නබිට පවසපු වැකි) විවිධ විදිහට අර්ථකථනය කරමින් නබි තුමා මියගොස් වසර 200-300 කට පස්සේ අරාබි පූජකයින් (මිනිස්සු) ලියපු “හදිත්” කියන පොත් වල තියන දේවල්.

  3. Dinka says:

    මෙරට මුස්ලිම් නීති අහෝසි වියයුතුමයි.. කාති උසාවිද අරවද මේවද ඔක්කොම.. ඔක්කොටම එකම නීතිය තිබිය යුතුයි.. එය පිළිබද පොරොන්දු දි දී නොසිට එය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න වග බලාගන්න.. බෞද්ධ අපි බෞද්ධ නීති කියල බෞද්ධ උසාවි කියල දාන් ආතල් දෙන්නෙ නෑනෙ…

  4. රටවැසි says:

    ඔබ තුමා හොඳයි වගේ , ඒත් අපි කල්පනාවෙන් , පරිස්සමෙන් බලං ඉන්නේ .

  5. On The Spot says:

    එක රටක්,එක නීතියක්,අලි සබ්‍රි මැතිඳුනි නොබියව නොසැලී ඉදිරියට යන්න​.ඔබට සුභ ගමන්!!

  6. Maulan says:

    ව්‍යවාස්තා හැදිල්ලට ලොකුම ප්‍රශ්නය සබ්‍රේයි. එයා මුස්ලිම්ලා ව්‍යාවස්තාවෙන්ම තවත් බලවත් කරන්නයි. යන්නේ. වහින් ඔරො කියන්නේ මුස්ලිම් බාලවයස්කාර විවාහ, බහුභාර්යා විවාහ තහනම් කරන්නේ නැති බවයි. මෙයා නිර්මල බුදු දහම ගැන මහා නායක ස්වාමින් වහන්සෙලාට කියනවා, නොකිය කියන්නේ සිංහලයෝ නිර්මල බුදුදයම ඇදහපල්ලා අපිට ලංකාව මුස්ලිම් කරන්න දිලා. බලන්ගියාම රිශාඩ් සුරදූතයෙක් සබ්‍රේට වඩා.

  7. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ඇමතිතුමනි , සියළුම ආගමික ස්ථානවලින් කරන ශබ්ද දූෂණයත් නවතවන්න ඕනෑ.. කණක් ඇහෙන්න නෑ.. මේ ලවුඩ්ස්පීකර් සද්දෙ නිසා

  8. Kalana says:

    Good, but don’t delay, and there are many things to be removed and restricted.

  9. උක්කුං මල්ලී says:

    අනේ මන්දා තනි සිංහල ආන්ඩුවක් හදනවා කීවා නේද.

  10. අල්ලා says:

    සබ්‍රිට හැකි නම් ආගමේ නමින් කරන මෙවැනි සදාචාර විරෝධී ත්‍රස්ත ක්‍රියාවන් වන හලාල්, බහු විවාහ, වර්ගයා බෝකරන කුමන්ත්‍රණය, බැංකු, කාති උසාවි… වගෙ ලිස්ට් එකම අවලංගු කර ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත්විය යුතුයි…!

Main News