බාල තෙල් තොගය ගන්නැයි ඇමති අර්ජුනට IOC තර්ජන.. අර්ජුන ඇමතිකමෙන් එලවන්න IOC කුමන්ත්රණයේ..
November 6, 2017 at 3:26 am | lanka C news
ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වල ලද බාල ඉන්ධන තොගය මිලදී ගැන්නැයි සමාගම විසින් ඇමති අර්ජුන රණතුංගට බලපෑම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අදාල තෙල් තොගය ත්‍රිකුණාමලයට ගොඩබා උතුර හා නැගෙනහිර පළාත් සදහා බෙදා හැරීමේ යෝජනාවක් පැමිණ තිබෙන බවද ඇමති අර්ජුන රණතුංග විසින් එයද ප්රතික්ෂෙප කර ඇතැයිද වීරවංශ මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
මෙම අර්බුදය ඇති කිරීම තුලින් අර්ජුන රණතුංග ඇමතිවරයාට ඇමති ධුරය හැර යන්නට සිදුවන තැනට පත් කිරීමට ඉන්දීය තෙල් සමාගම අදහස් කර සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
Dan rate wena dewal wala hati baluwama ehema wennath ida thiyenawa. Obage anawakiya hariyannath puluwan.
Thant you Arjuna !
මෙන්න ඇත්ත කතාව.
අර්ජුනට කිසිම ඇමතිකමක් කරන්න මුන් ඉඩදෙන්නෙ නෑ.ප්‍රසන්න රණතුංග හීන් නුල් කාරයා. මු යටින් ගේම දෙනව. ප්‍රසන්නයගෙ බිරිද ඉන්දීය පුරවැසියෙක්. මේ ගෑනීට ඕන දේ ඉන්දියන් තෙල් සමාගමට කියල කරනව. ප්රසන්නත් ගිය ආණ්ඩුවෙ බාල තෙල් වලට හවුල් එකෙක්. මුන්ට ඕන රට අරාජික කරල බලේ ගන්න. මොකා ආවත් අපිට කෙළවෙනව.
සියලුම දේශ ප්‍රේමි, රටට ආදරය කරන මිනිසුනි, IOC එක මේ රට සංවර්ධනය කිරීමට, රටේ දියුණුවට යොදා ගත හැකි අපේ ජාතික ධනය බිලියන ගණනින් ඉන්දියාවට ගෙනයනවා. රටට ආදරයක් ඇත්නම් දැනට අපට කළහැකි හොදම දේ IOC ලංකාවෙන් පන්න දමන තෙක් එම පිරවුම්හල් වර්ජනය කිරීමයි. සියලුම දේශප්‍රේමී ජනතාවනි IOC වර්ජනය කරමු. IOC අප රටෙන් පන්න දැමීමට රජයට බලකරමු.
Ranathunga Dabala Innakan …Yahapalaneta Baala Thel Thamai …
Wimala Mokatade Sudu Hunu Gaanne ?