බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙක් අත්අඩංගුවට…
December 9, 2018 at 2:02 am | lanka C news
බාල වයස්කරුවන්ට දුම් වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙකු නිතියේ රැහැනට කොටු කර ගැනිමට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් සමත් වි ඇත.
බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කරන බවට සුරාබදු නිලධාරින්ට ලද තොරතුරක් මත නොර්වුඩ්, බගන්තලාව, කැම්පියන් යන නගර වල උපාය දුතයෙකු යොදා ගනිමින් මෙම වැටලිම සිදු කල බවයි සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.
නිතියෝ රැහැනට කොටු කරගත් වෙළදදුන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මෙම වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ