බාල වයස්කාර සාමනේර හිමිනමට බරපතල ලිංගික හිංසන කලැයි හිමිනමක් රිමාන්ඩ්.. සාමානේර හිමි රෝහලේ..

September 16, 2019 at 12:40 pm | lanka C news
බාල වයස්කාර සාමනේර හිමිනමට බරපතල ලිංගික හිංසන කලැයි හිමිනමක් රිමාන්ඩ්.. සාමානේර හිමි රෝහලේ..

බලන්ගොඩ විහාරස්ථානයක වැඩ සිටින කුඩා සාමනේර හිමි නමක ලිංගික අ⁣පයෝජනයට ලක් කල සැකකාර හිමිනමක් බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව එම සැකකාර හිමිනම ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණි.

සිද්ධිය සමිබන්දයෙන් එම සාමනේර හිමිනමගේ මව විසින් බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

මේ අනුව බලන්ගොඩ පොලිසිය විසින් සැකකාර හිමනම අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම සැකකාර හිමිනම බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින (20) හැවිරිදි හිමිනමකි.

එම සාමනේර හිමිනම අවස්ථා කිහිපයකදිම සැකකාර හිමිනම විසි ලිංගික අ⁣පයෝජනයට ලක් කර අති බවට පොලිසිය විසින් සිදුකල විමර්ශන වලදි අණාවරණය කරගෙන ඇත.

අපයෝජනයට ලක් වු සාමනේර හිමිනම බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

207 views