බාල සේලයින් ඉන්දියාවෙන් ගෙන්වලා.. රෝගීන් අසාධ්‍ය වී ICU දමලා..

April 14, 2017 at 10:40 am | lanka C news
බාල සේලයින් ඉන්දියාවෙන් ගෙන්වලා.. රෝගීන් අසාධ්‍ය වී ICU දමලා..

ඉන්දියාවෙන් ගෙන්වනු ලබන සේලයින් වර්ගයක් ලබා දීම හේතුවෙන් ඩෙංගු රෝගීන් ආසාත්මිකතාවයන් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් රෝහල් කිහිපයකින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කලත් ඉල්ලීමට නිසි ප‍්‍රතිචාර දක්වා නැතැයිද සදහන්ය.

මේ ආකාරයේ ප‍්‍රමිතයෙන් සේලයින් වර්ගයක් හදුන්වා දී ඇත්තේ කාගේ වුවමනාවට නොදන්නා බව කොළඹ රජයේ ප‍්‍රධාන රෝහලෙක ප‍්‍රකාශකයකු කීය.

දැනටත් සේලයින් වර්ගය ශරීර ගතවීම නිසා ආසාත්මිකතාවන්ට පත්ව අසාධ්‍ය තත්ත්වයේ සිටින ඩෙංගු රෝගීන් කිහිපදෙනකුම දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ප‍්‍රකාශකයා පැවැසීය.

1,143 views
Main News