බාහිර උපාධිවලට රැකියා නොදෙන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිට ඇත්තේත් බාහිර උපාධියක්..

August 3, 2019 at 8:40 am | lanka C news
බාහිර උපාධිවලට රැකියා නොදෙන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිට ඇත්තේත් බාහිර උපාධියක්..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රැකියා විරහිත උපාධිධාරීන් සදහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රැකියා ලබා දීමේදී භාහිර උපාධිධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අප සංවිධානයේ දැඩි විරැද්ධත්වය ප්‍රකාශ කරමු.

අපොස උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වන නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ කඩ මදිවීම නිසා බොහෝ උසස්පෙළ සමතුන් භාහිර විභාග කිරීම සදහා විශ්ව විද්‍යාලයක් තෝරා ගනු ලබයි. එසේ තෝරා ගනු ලබන්නේ ලංකාව තුල පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ආර්ථික දුෂ්කරතාමත කල නොහැකි බැවනි.

භාහිර උපාධි සදහා ප්‍රශ්ණපත්‍ර  සකස් කරනු ලබන්නේද එම ප්‍රශ්ණ පත ඇගයීමට ලක්කරන්නේද විශ්ව විද්‍යාල අචාර්යවරුන්ය. එසේ නම් භාහිර උපාධිධාරීන්ට හා අභ්‍යන්තර උපාධිධාරීන්ට  වෙනස් ආකාරයකට සළකන්නේ ඇයිද? යන්න අප රජයෙන් අසමු.

අප රටේ වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා සිය නීති උපාධිය ලබා ගත්තේද විවෘත විශ්ව විද්‍යාලයෙනි. අප ඔහුගෙන් අසන්නේ ඔබගේ නීති උපාධිය හා විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර සිසුන්ට දෙනු ලබන නීති උපාධිය අතර වෙනසක් ඇද්දැයි? එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අසන ලෙසයි.

කෙසේ වෙතත් රැකියා ලබා දීමේදී උපාධිය භාහිර ද අභ්‍යන්තර ද යන්න සොයා බැලීම වහාම නතර කරන ලෙස අපි රජයට බල කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

15,772 Viewers

10 Comments to “බාහිර උපාධිවලට රැකියා නොදෙන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිට ඇත්තේත් බාහිර උපාධියක්..”

  1. UNP says:

    Yako OUSL eke bahira wenne kohomada. ekata LLB exam eka law college ekata wada amarui. 800 ganne 15000. mu danna Bahira..

    • Ranjith says:

      අකිල OUSL එකේ අවුරුදු 15 K Hitiya.Api නොදන්න අකිල.

  2. saman says:

    බාහිර උපාධි වලට විෂය නිර්දේශය ඉගෙන ගන්න ඕන නැහැ. ටියුෂන් ක්ලාස් කරන කැම්පස් ලේචාලම විබාගෙට එන ප්‍රශ්න දන්නවා. ළමයින්ට ඒ ප්‍රශ්න වලට උත්තර තමා උගන්වන්නේ. කැම්පස් ඇතුලේ විබාග එහෙම නැහැ. බාහිර උපාධි ට්යුෂන් මාෆියාවෙන් මුලින්ම ගලවා ගත යුතුය.

    • Nishantha says:

      Api nodanna campus upadi! ewath ehema thama.boruwata api hodai kiyala wadak na.neethyanukulawa 2ma sanaia

  3. Nawodhi says:

    Not true. External degree is just piece of paper without any training. I checked one Southern University external degree is it just joke. Need CID investigation how they give degree. Then you see reality. Last week they charge money and conduct seminar and discuss question papers. These papers are based on the books these local joker profs/Lecturers written. It is disaster. Sometime external graduate may not know what is inside happening in the mafia public Universities.

    • Nishantha says:

      You are not correct.its not important how the knowledge is obtained. If a particular person is knowledgeable and if his/her knowledge is evaluated properly it doesn’t matter whether the degree is internal or external

  4. gonsun says:

    Bella lokui ea tharamata oluwa podee
    bella edai puruwe kala paw paladee
    smanala tholuth atha honda lassanata hadee
    smanala nadaye okkogema molaya podee

    kata metha dondana modayekuge vilasaya
    dakinata hekiya meka kara eriya vita
    mona de kiyewwath ehi harayak nethiya
    harakek moota vdiyen honda bava hariya

  5. godaya says:

    විශ්ව විද්‍යාලයකින් දෙන අභ්‍යන්තර උපාධියක් හා බාහිර උපාධියක් අතර වෙනසක් ඇත, එය දැන ගැනීමට රන්ජිත් විතානගේට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

  6. John says:

    Open University eken denne bahira upadhiyak nemei! Kiyanna kalin eka mokadda kiyala hoyala balanna nikan boru kiyanne natuwa!

  7. Sanath says:

    OUSL දෙන්නෙ දුරස්ත උපාධ් නේද

Main News