බැංකුවේ තැන්පතු කෝටි පහලොවක මුදල් සොරාගෙන සැගව සිටි බැංකු කළමණාකාරිණිය ගණුදෙනු කරැවෝ අල්ලා පොලිසියට භාර දෙති..
August 7, 2019 at 8:40 am | lanka C news
බලන්ගොඩ උඩවෙල සණස බැංකුවෙි ගණුදෙනු කරැවන් විසින් එම බැංකවෙ තැමිපත් කර තිබු රැපියල් කෝටි පහලොවකට ආසන්න මුදලක් මිට වසරකට පමණ පෙර එහි කළමණාකාරිණිය විසින් වංචා කර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.
එම සණස බැංකුවෙ ගණුදෙනු කරැවන් විසින් එම කළමණාකාරිණිය බලන්ගොඩ ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසට සිටියදි අල්ලාගෙන බලන්ගොඩ පොලිසිය වෙත භාර දි තිබෙි.
එම ගණුදෙනු කරැවන්ට එම කළමණාකාරිණියගේ ස්වාමියා බලන්ගොඩ ප්‍රදේශයේ දි හමු වි තිබෙන අතර ඔහුගෙන් එම කළමණාකාරිණිය පිළිබඳව තොරතැරැ විමසා එම කළමණාකාරිණිය සිටින ස්ථානයය සොයාගෙන ඇය අල්ලා එම ස්වාමියාද සමග පොලිසියට භාර දුන් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
මුදල් අහිමි වු ගණුදෙනු කරැවන් විශාල පිරිසක් මෙි සමිබන්දයෙන් වසරක පමණ කාලයක සිට පින්නවල පොලිසිය වෙත පැමිණි කර තිබුණි.
පසුව අදාල සැකකාර බැංකු කළමණාකාරිණිය සහ ඇගේ සැමියා බලන්ගොඩ පොලිසිය විසින් 06 දා සවස පින්නවල පොලිසිය වෙත භර දුන් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
– සම්පත් ප්‍රියනන්දන