බැංකු ණය නොගෙවූවන්ගේ දේපළ අත්පත් කර ගැනීම අත්හිටුවීමක්..

March 16, 2021 at 8:40 am | lanka C news
බැංකු ණය නොගෙවූවන්ගේ දේපළ අත්පත් කර ගැනීම අත්හිටුවීමක්..

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 15 දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශවයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් සිදුවන ආකාරයේ ගැටලු විසඳාදෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන්නැයි පැවසීය.

ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

21,144 views

5 Comments to “බැංකු ණය නොගෙවූවන්ගේ දේපළ අත්පත් කර ගැනීම අත්හිටුවීමක්..”

  1. රන්වල says:

    චීනටයි ඉන්දියාවටයි ණය වෙලා ඒකට හිලවු වෙන්න රටේ කෑලි උන්ට දෙන උන් ණයකාරයන්ගෙ දේපල ගැන කතාව

  2. Banku. Thiyeyda. Rajayak karanne kohomada. Naya gatta nam poliya nethuwa ho gewiya yuthuyi rata gena hithapalla

  3. අපි ගොන්නු නොව‍ෙ says:

    ලීිසිං කම්පැනි වල පොලී මාෆියාව සැඟවුනු ගාස්තු විනිවිද කරන්න අදහසක් නැත්ද අගමැතිතුමා….වාහන ලීසිං කාරය මාරගසාකෑමක් කරන්න‍ෙ

  4. Darshana abayakoon says:

    කෘතිමව බැන්කු පොලී අනුපාතිකය අඩු කරා. සියලු ජාතියන්තර ශ්‍රෙනිගත කිරීම් වල පල්ලෙහට වැටුන ණය ගෙවාගත නොහැකි කාන්ඩයට. ජාතියන්තර බැන්කු වලින් නයක් ගන්න බෑ. ඒ අස්සෙ කියනව දේපොල අත්පත් කර ගන්න එපාලු නය ගෙවාගන්න බැරි වුනාම. බැන්කු ටිකත් කඩා වට්ටන්න තමයි නාකි මයින දගලන්නෙ. ආර්ථිකේ ගැන මෙලො දැනුමක් නෑ. බිලියන ගනන් රුපියල් ප්‍රින්ට් කරනවා දවස ගානෙ. ඩොලර් එක 200ට නැගලා. ඒක නවත්ත්න්න විදෙස් සන්චිත ටික එලියට දාල සන්චිත අඩු කර ගත්තා ඩොලර් මිලියන 4500කට.අවුරුද්ද ඉවර වෙනකොට ණය වාරිකේම තියෙනව ඩොලර් මිලියන 6500ක්. රට බේර ගත්ත වීරය වල කජ්ජ ගහන්නෙ රට චීනට සින්නකරම පාවා දීල. බැරි මර ගාතෙ බල තන්හාවට රට කාබාසිනිය කරන් නැතුව දැන්වත් පුලුවන් කෙනෙක්ට දීල විශ්‍රාම සුවයෙන් හිටියොත් නරකද? වීරයෙක් විදිහට මරෙන්න තිබ්බ මිනිහෙක් රට කාපු අපතයෙක් විදිහට මැරෙන්නෙ අපරාදෙ.

  5. Genaral says:

    This are only words nothing will happen most of the bank overdue are from political powers poor people will get effect and rich will ask to extend. Till good lawyer are in SL those will dragged.